Showing posts with label Detection. Show all posts
Showing posts with label Detection. Show all posts

9/4/16



අද වන විට අපේ රටේ විශාල ලෙස සමාජයට බලපා ඇති ගැටලුවක් නම් පාසල් යන්නෙ නැති දරුවන් විශාල පිරිසක් සිටීමයි. රජය විසින් මේ පිළිබද කිසිම අවධානයක් දක්වන්නෙ නැහැ. බස්නාහිර,සබරගමු පළාත් වල මෙම ගැටලුව මුහුණ පා සිටී. ඔබ කොතෙකුත් දැක ඇති ආහාර වර්ග,පත්තර වෙගෙ දේවල් විකුණන වීදියෙ දරුවන්.ඔබත් අඩුවට භාණ්ඩ එහෙම අරගෙනතත් ඇති.

8/24/16


සංවාදය ඉඳුනිල් උස්ගොඩආරච්චි

ලංකාව උසස් හා ගුණාත්මක ප්‍රමිතියෙන් යුතු ටෙලිනාට්‍ය කලාවක ඉතිහාසයට උරුමකම් කියයි. ඉන්දියානු මෙගා නාට්‍ය ආගමනයත් සමග ටෙලිනාට්‍ය කලාවටත් නිෂ්පාදන ක්ෂේත්‍රයටත් ලාංකීය සමාජයටත් සිදු කළ බලපෑම සුළුපටු නොවේ. මේ ඒ සම්බන්ධයෙන් කලා ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන් කිහිප දෙනෙකු රාවයට දැක්වූ අදහස්ය.

මේ මළඉලව් නිසා  සමාජය පිරිහෙනවා |ජයන්ත චන්ද්‍රසිරි

7/29/16


“හෙලෝ... වන් වන් නයින්... මම අයි. පී. සිල්වා කතා කරන්නේ. මෙතන බීච් එකේ කපල්ස් වගයක් මම අල්ලගත්තා. මෙයාලව පොලිසියට අරගෙන යන්න ජීප් එකක් එවන්න.” මාතර මුහුදුවෙරළේ තානායම අසල වැල්ලේ වාඩිවී කතාබහේ යෙදී සිටි යෞවන පෙම්යුවළක් අසලට ආ පුද්ගලයකු තමා පොලිස් පරීක්ෂකවරයකු බව හඳුන්වාදෙමින් තරුණ යුවළ පොලිසියට රැගෙනයාමට සැරසුණේය. ඔවුන්ට එල්ල වූ චෝදනාව වූයේ මුහුදු වෙරළේ අසෝභන ලෙස හැසිරීමයි. කළු පැහැ ජීප් රථයකින් පැමිණි පොලිස් පරීක්ෂකවරයා අතේ බැටන් පොල්ලක් ද ඇත.

7/27/16


අද වන විට Facebook සමාජ ජාල වෙබ් අඩවිය සෑම දෙනාම වාගේ දන්නවාය.එම නිසා මෙය පරිහරණය කරන්නනගේ ප්‍රවණතාව ඉතා වැඩිය.ඒ සමගම විවිධ අපචාර ක්‍රියාත් සීග්‍රයෙන් වැඩිවී ඇති බව පෙනේ.මෙම අපචාර ක්‍රියා සදහා වැඩිපුරම පෙළබෙන්නේ දැරිවියන්ය.මන්ද ඔවුනට මෙම සමාජය ගැන වැටහීම ඉතා අඩු බැවිනි.

ආදරණීය නංගිලා අක්කලා වෙත මෙම ලිපිය ලිවීමට අදහස් කලේ ඔබලාගේ ජීවිතය රැකගන්නට උපදෙසක් දෙන්නටය.ඔබ දැනටමත්  Facebook හෝ වෙන සමාජ ජාල වෙබ් අඩවියක පිරිමි ලමයෙක් එක්ක සම්බන්ධ  කම් පවත්වන්නේ නම් ඉතා කල්පනාකාරී වන්න.ඔබගේ චායා රූප කිසිවිටකවත් ඔවුනට නොදෙන්න.

6/23/16


ත්‍රීවීල් එක යනු එදිනෙදා ජීවිතයට නැතුවම බැරි වාහනයකි. කඩපිලට,පොලට,විනෝදාත්මක ගමන් හා රෝගියෙකු රෝහල වෙත රැගෙන යාමට ද මෙම රථය ඉමහත් දායකත්වයක් සපයයි.එහෙත් මෙම 3wheels රථය මිනිසුන්ට ප්‍රයෝජන ගෙනදුන්නද කරදර ද ඇති කරයි.

ත්‍රීවීල් රථ නිසා තම රක්ෂාව කරගන්නා විශාල පිරිසක් අපගේ රටේ ජීවත් වේ. එහෙත් අප විසින් කතාකිරීමට යන්නේ මෙහි ඇති අනාරක්ෂිත තත්වය ගැනයි. ත්‍රීවීල් එක ශක්තිමත් වාහනයක් නොවේ. වැඩි දෙනෙකු මෙය මිලදී ගැනීමට යන්නේ මිලෙන් අඩු නිසාය.

6/12/16


ඉතින් මිතුරනි තවත් ලිපියක් ලියන්න අදහස් කරා. ඔයාලට අවශ්‍ය හා ආසාවෙන් ගමන් යන එහෙත් රිය අනතුරු වැඩිම අනාරක්ෂිතම වාහනය ගැනයි මෙම ලිපියෙන් කියන්න හිතුනා.

කවුරුත් කැමතියි මෝටර් බයිසිකලයක් ගන්න එහෙත් ඔබ දන්නවාද මෙහි තිබෙන භයානක කම. වැඩිපුරම අනතුරු සිදුවන්නෙ මෝටර් බයිසිකල් වලින්ය. ඔබගෙ අසාවට ගත්තට නිසි පාලනයක් නැතිව අධික වේගයකින් මෝටර් බයිසිකලය ධාවනය කර දරුණු අනතුරු සිදුකර ගනී.

එමගින් සදාකාලික අබ්බගාතයො හා වටිනා ජීවිතයද නැති කරගනී. දැන් ඔබ සිතනව ඇති මෝටර් බයිසිකලයෙ වේගයෙන් නැතිව සාමාන්‍ය ගානකට ධාවනය කරොත් අනතුරක් නැහැ කියල.එහෙම සිතනවානම් ඔබ සම්පූරණයෙන්ම වැරදියි.මොකද වේගය අනතුරු සිදුවන්න එක හේතුවක් විතරයි.


6/10/16


පළමුවෙන්ම අප කියනව ආහාර සකසන වෙළද ප්‍රජාවට බඩේ පහර ගැසීමක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඔබලත් මේ ගැන මධ්‍යස්ථව සිතන මෙන් කරුණාවෙන් ඉල්ලනවා.

Kottu හා බත් වල මිල ගැන කතාකරන්නයි මේ ලිපිය අනාවරණ යටතේ අප විසින් ලියන්න අදහස් කරේ. අද සමාජයේ කූට වෙළදුන් විසින් පාරිභෝකියන්ව මුදල් පසුම්බියට විද සූරාකෑමකට ලක් වෙනවා. එය සෑම අංශයකම තියෙන ඛේදවාචකයක්. අද මාතෘකාවට පසුබිම් වී තිබෙන්නේ කොත්තු සහ බත් මුල් ගැනය. පලමුවෙන්ම අපි කොත්තු වලින් පාරිභෝකියන්ව ගසා කන්නෙ කොහොමද බලමු.

අද වනවිට කොත්තු සාමාන්‍ය මුලක මිල Rs:180 පමණ වෙනවා.ඒත් සමහර කොත්තු හදන තැන්වල ඊට වඩා වැඩි වෙන්නත් පුලුවනි. Full කොත්තු මුලක මිල Rs:250 පමණ වෙනවා.ඊට වඩා වැඩි වෙන්නත් පුලුවන්. කොහොමද පාරිභෝකියන්ව ගසා කන අන්දම. තමන්ට හිතූ මනාපෙට මිල ගණන් වැඩි කරන එක හොඳද?



සියලු සත්වයෝ ආහාරයෙන් රැකෙති කියල බුදු හාමුදුරුවන්ගේ දේශණාවේ සඳහන් වෙලා තියෙනවා. අප රටේ ප්‍රධාන ආහාරය බත්ය.එහෙත් විවිධ කෑම වර්ග වෙළඳ පොලේ ගන්නට තියෙනවා. ඒවා අතුරින් 99% ම කෘතිම රසායනින හා කෘතිම වර්ණක භාවිතා කරපු ක්ෂණික කෑමය.

උදා:-ගතහොත් සමහර බිස්කට් වල කවරයේ පිටුපස සඳහන් කරල තියෙනව එම බිස්කට් වර්ගයට එකතු කරන රසායනික දේවල්.එම බිස්කට් වර්ග ආහාරයට ගැනීම ශරීරයට අහිතකරය. ඔබ හිතවතුන්ගෙ ගෙවල් වලටත් ගෙනියන්නෙ රසායනික දේවල් යොදා සකස් කරන ලද ආහාර පානය. ඉතින් රජයේ බලධාරීන් මෙම විනාශය ගැන බලන්නෙ නැද්ද?

3/31/16


ඇතැම් පළිබෝධනාශක වර්ගවල අඩංගු ක්‍රියාකාරි සංඝටක සහ ඒවායේ අඩංගු ඇතැම් ආකලන ද්‍රව්‍යවල (Pesticide additive - උදාහරණ, පිපරොනිල් බියුටොක්‌සයිඩ් piperonyl butoxide) ඉතා සුලු මාත්‍රාවකට (ක්‌ෂණිකව විෂ ලක්‌ෂණ පෙන්නුම් නොකළද) දීර්ඝ කාලයක්‌ තිස්‌සේ නිරාවරණය වීමෙන් යළි පුනරුත්ථාපනය කළ නොහැකි තරමේ හානියක්‌ මොළයට සිදුවන බව පැවසේ. විශේෂයෙන් ඕර්ගනෝපොස්‌පේට්‌ (Organophosphates) කාණ්‌ඩයේ (මේවා 'ස්‌නායුක විෂ' ගණයට අයත් වෙයි.) පළිබෝධනාශක වලින් වැඩි බලපෑමක්‌ සිදු කෙරෙන අතර, අපේ රටේ ද සුලභව භාවිත කෙරෙන පළිබෝධනාශක රසායනිකයක්‌ වන 'ක්‌ලෝපයිරිෆෝස්‌' (Chlorpyrifos) ප්‍රබල මොළ ඝාතකයෙකු ලෙස හඳුනා ගෙන ඇති බැවින්, යුරෝපා සංගමයේ රටවල් වල මෙම රසායනිකය ගෘහාශ්‍රිත කෘමිනාශක නිෂ්පාදන වල අඩංගු කිරීමද තහනම් කර ඇත.



හොඳින් කය වෙහෙසීමේදි අපගේ පෙනහැලි උපරිම ධාරිතාවයකින් පිරී යන්නේය. හදවතේ ක්‍රියාකාරිත්වය වැඩි වීම නිසාවෙන් රුධිර සංසරණය මනාව සිදු වේ. ප්‍රතිඵලය ඔබගේ මොළයට හොඳ රුධිර සහ ඔක්‌සිජන් සැපයුමක්‌ ලැබීමයි. මෙය මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමටත් මොළයේ සෑදෙන අහිතකර විෂ සංඝටක ඉක්‌මනින් බැහැර කරන්නටත් මනා පිටිවහලක්‌ වෙයි. ඉදින් මනා ව්‍යායාමයක්‌ නොමැති උදවියට වෙනත් කායික රෝගාබාධ පමණක්‌ නොව මොළයේ ආබාධ විශේෂයෙන් ළමුන්ගේ බුද්ධි මට්‌ටම අඩු වීම, (Lower IQs) වැඩිහිටියන්ට ඇල්සයිමර්ස්‌ රෝගය, ඩිමෙන්ෂියා වැනි රෝගාබාධ වැළඳෙන්නටත් හේතු වෙන බව සොයා ගෙන ඇත.


විභාග ෆේල් කරන, ස්‌නායු ලෙඩ කරන, පිළිකා හදන මොළ ඝාතකයෝ:

අද දවසේ අප පරිභෝජනය කරනු ලබන ඇතැම් පාරිභෝගික භාණ්‌ඩ සහ ආහාර ද්‍රව්‍යයන් තුළ අන්තර්ගතව තිබෙන සහ පරිසරයට බැහැර කරනු ලබන ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන්, මානව ස්‌නායූ පද්ධතියට සහ මොළයට හානිකර ලෙස බලපාන බව සොයා ගෙන තිබේ. මෙම රසායනික ද්‍රව්‍යයන්වල අහිතකර බලපෑම් හේතු කොට ගෙන ළමුන් සමාජගතවීමේදී ඇතිවන දුර්වලතා (social impairment in kids) හැසිරීමේ අසාමාන්‍යතා, (Behavioral disorders) මතක ශක්‌තිය සහ බුද්ධිය අඩු වීම, (Lower IQs) ළමුන්ට වැළඳෙන අවධාන ඌනතා අධි ක්‍රියාකාරි ආබාධය, (Attention deficit hyperactivity disorder /ADHD) ඔටිසම්, (Autism) මොළයේ ඇති වන පිළිකා තත්ත්වයන්, පාකින්සන්ස්‌ රෝගය, (Parkinson’s Disease) ඇල්සයිමර්ස්‌, (Alzheimer’s Disease) වැනි රෝග තත්ත්වයන් ඇති විය හැකි බව හෙළි වී ඇත.

2/22/16



1, ඔබේ දියණියට වැඩිහිටි පිරිමින්ගේ උකුල උඩ වාඩිවෙන්න දෙන්න එපා, වැළදගන්න දෙන්න එපා, සිපගන්න දෙන්න එපා.

2,පිටස්තරයින් ඉදිරිපිටදී කිසිම දියණියකගේ ඇදුම් මාරු කරන්නෙපා.

3,මේ මගේ බිරිඳ, මේ මගේ පෙම්වතිය ලෙස විහිළුවටවත් දරුවාව හැදින්වීමට කාටවත් ඉඩදෙන්න එපා.

4,පුංචි දියණිය යාලුවොත් එක්ක සෙල්ලම් කරනකොට ,ඇය ආශ්‍රය කරන යාලුවෝ ගැන හොදින් සැලකිලිමත් වෙන්න. ඔබ නොදන්නවා උනාට බොහෝ දරුවන් ලිංගිකව අපයෝජන වලට ලක්වී තිබිය හැක. ඔබේ දියණියටද ඔවුන්ගේ අත්දැකීම් වල වැරදි ප්‍රතිපල හිමිවිය හැක.

5, දරුවා ප්‍රතික්ෂේප කරන , ගැවසීමට අකමැති,ඇසුරු කරන්න අකමැත්තක් දක්වන වැඩිහිටියන් ලගට යන්න කවදාවත් බල කරන්න එපා.

6,බොහොම ක්‍රියාශීලීව,කෙළිදෙලෙන් කාලය ගත කරපු ඔබේ දරුවා ක්ෂණිකව වෙනස් වුනාද? නිහඬද? හැකි ඉක්මනින් දරුවා පිලිබදව අවධානය යොමු කර, දරුවාට ආදරය ලබා දී දරුවා පිලිබදව සොයා බලන්න. ඉවසිලිමත්ව දරුවාගෙන් ඒ පිලිබදව විමසන්න.

7,දරුවා නරඹන කාර්ටුන් , චිත්‍රපට සහ පරිඝනක ක්‍රීඩා පිලිබදව විමසිලිමත් වන්න. ඔබද නොදැනුවත්වම ඒ හරහා දරුවා ලිංගික ක්‍රියාවන්ට යොමු විය හැක.

8,අන්තර්ජාලය භාවිතා කර දරුවන් පිවිසෙන වෙබ් අඩවි පිලිබදව සොයා බලන්න

9,දරුවාට තමන්ගේ සිරුරේ අවයව හොදින් පිරිසිදු කරගන්නා ආකාරය හොදින් උගන්වන්න. ගෙදර මෙහෙකරුට හෝ මෙහෙකාරියට දරුවාගේ අවයව අල්ලන්න ඉඩදෙන්න එපා.

2/17/16



සමාජ තුළ ජීවත් වන විවිධ ස්ථරයන්ගේ විවිධ ජන කොටස් වලට එක හා සමාන අයිතිවාසිකම් හෝ හැකියාවන් හිමි වන්නේ නැත. දුප්පත් පොහොසත් ලෙස බෙදී යන ජන කොටස් අතර දුප්පත් දරුවන් හෝ පොහොසත් ලෙස දරුවන් වර්ග වුවහොත් එය සාධාරණ වන්නේද  නැත. දුප්පත්ව ඉපදීම ඔබේ වරදක් නොවේ. නමුත් දුප්පතෙකු ලෙස මිය යාම ඔබේ වරදක් බව බිල් ගේට්ස්  පවා පවසා ඇත. මේ කරුණු සම්බන්ධයෙන් නව අධ්‍යනයකට අනුව වැලරි එඩ්වර්ඩ්ස් පෙන්වා දෙන්නේ ධනවත් දෙමාපියන් නොමැති දරුවන් පසු කාලීනව ඔවුන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට පත් වන බවයි. එමෙන්ම එය ඔවුන්ගේ ඉදිරි අනාගතයේ ආදායම් තත්ත්වය මෙන්ම දියුණුවට  බලපෑ හැකි බවත්, ඔවුන් නිරන්තරව සමාජශීලී මෙන්ම, යහපත් ජීවිතයක් ගත කළ හැකි  පුද්ගලයන් වීමට වැඩි ඉඩක් ඇති බවත්ය. අපගේ පෞරුෂත්වය හා අභිලාෂයන් දැඩි වීමට අපගේ සමාජ පසුබිම විශාල වශයෙන්  සම්බන්ධකමක් ඇති බව මෙම පර්යේෂණ මගින් පෙන්වා දෙයි.


අද වන විට සියලුම දෙමාපියන් රැකියා වල නිරත වන අතර එහි ඇති කාර්යය බහුලත්වය නිසාවෙන්ම වාසි සහගත වූ නිවාස වල සිට තම කටයුතු පවත්වාගෙන යාමට ඔවුන් කටයුතු කරයි. ඒ නිසාවෙන් වැඩි ජන කොටසක් සමඟ කටයුතු කිරීමට දරුවන්ට හැකියාවක් ලැබෙත්ම ඔවුන් දැඩි කටකාර හා උද්යෝගිමත් සමාජශිලී ගති ලක්ෂණ පෙන්නුම් කරන බව කේම්බ්‍රිජ් හා කෙන්ට් විශ්වවිද්‍යාල විද්වතුන් අවධාරණය කරයි.

2/6/16






ගංජා යනු මත් වෙන  දුව්‍යකි.ඒ වාගෙම වටිනා  ඖෂධයකි.එහෙත් මෙම ඖෂධය මත් දුව්‍යයක් ලෙස තරුණ  පරපුර අතර ජනප්‍රියයි.එය සමාජයට විශාල හානියකි.දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වලින් පොලිසිය ගංජා  අත්අඩංගුවට ගැනීමට  මහත්  වෙහෙසක් ගනියි.ඒ තරමටම ගංජා මාෆියාව සමාජය වෙලී ගෙන අවසන්ය.මෙහි ඇති තවත් බරපතල කාරණයක් නම් ඉන්දියාවෙන්ද ගංජා මෙරටට ‍ගෙන්වයි.

දිවයිනේ වැඩිම ගංජා ජාවාරම පවතින ප්‍රදේශ නම් ඇඹිලිපිටිය,උඩවලව,තණමල්විල  හා ඌව පලාතේ සමහර ප්‍රදේශ වේ.මේ තත්වය තරමක් දුරට පාලනය වෙලා තියෙන්නෙ.

2/5/16



ආයුබෝවන් සෑම දෙනාට

අප වෙබ් අඩවියේ ආරම්භක ලිපිය ශ්‍රී ලංකාවේ අහිංසක දරුවන් පිළිබදවයි.පසුගිය අවුරුදු 20 කාලය තුල ශ්‍රී ලංකාවේ  දරුවන්ට උනු පීඩා අතිමහත්ය.එහෙත් පසුගිය අවුරුදු 2-3 දී
අහිංසක ජීවිත නරුමයන් විසින් විනාශ කරාය.සමහරු  නම් කාඩ් බෝඩ් ටිකක් උත්සගෙන පාරට බැහැල  උද්ඝෝෂණ කරන්න  පටන් ගත්තාය..හරියට කලක් තිස්සෙ නිදාගෙන හිටපු අය ඇහැරුනාම හැසිරෙන විදිය  ඔබ දන්නව  ඇතිනෙ. සමහර  මාධ්‍ය තමන්ගේ ප්‍රවෘත්ති ප්‍රචාරය  කරගන්න ජීවිත විනාශ උනු දරුවාගේ ගරුත්වයට  හානි කරයි.

සමහර මාධ්‍ය  මගින්  දරුවන් ආරක්ෂා කිරීමට අවවාදාත්මක ප්‍රචාරක දැන්වීම් කො‍තෙකුත් දැන්මත් ඇත්තෙන්ම දරුවන්ට සාධාරණයක් ඉටුවෙනවද? ඔබ ඔබගේ හදවතින් විමසා බලන්න.ඔබගේ වෙළද සලකුණ හා භාණ්ඩය ජනප්‍රිය කරගැනීම යටි  අරමුණ ඉෂ්ඨ කරගැනීමට  පමණක් නේද? ඔබ අවංක වෙන්න එවිට මේ රට ලස්සන කරගැනීමට පුලුවන්.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews