Showing posts with label Health & Lifestyle. Show all posts
Showing posts with label Health & Lifestyle. Show all posts

9/13/16


සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තරිඳු විජේසිංහ

ඔස්ටියෝපොරෝසිස් රෝගය පිළිබඳ මීට කලින් සතියක ඉතා කෙටියෙන් සඳහන් කළා ඔබට මතක ඇති. අද අපි ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කරමු.

කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ඇවිදින ආච්චිලා සීයලා සමහරවිට ඔබත් දැක ඇති. වයසට ගියාම අපටත් එහෙම වේවිද කියා ඔබටත් සිතෙන්න ඇති. කුදුවීම වයස් ගත වීම නිසාම ඇතිවන දුබලතාවක් නොවේ. එය එක්තරා රෝගයක රෝග ලක්ෂණයක්. ‘ඔස්ටියෝපොරෝසිස්’ ලෙස හැඳින්වෙන්නේ එම රෝගයයි.

8/28/16


බොහෝ කාන්තාවන් මාස්ශුද්ධිය එසේ නැතිනම් ආර්ථවය පිළිබඳ ගැටලුවලින් පීඩා විඳිනවා. නිවෙසේ වැඩි වගකීමක් දරන කාන්තාවට තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු හොඳින් කරගෙන යාමට එය ගැටලුවක්. ඒ නිසයි අදත් ඉදිරි සති කීපයේත් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න සිතුවේ. අද අප විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ ආර්ථවය සිදුවන දින කීපය තුළ ඇතිවන අධික වේදනාව පිළිබඳව.

ආර්ථවය නමැති ක්‍රියාවලිය කාන්තාවකගේ ශරීරය තුළ සිදුවන ඉතා ස්වභාවික ක්‍රියාවලියක්. ගැහැනු දරුවකු වැඩිවිය පත්වීමත් සමඟම එම දරුවාගේ ඩිම්බකෝෂවල ප්‍රජනනය සඳහා වන ක්‍රියාකාරිත්වය ආරම්භ වෙනවා. ආර්ථවය නමැති ක්‍රියාවලියේ ක්‍රමානුකූලත්වය සහ චක්‍රීය බව ඇති කරන්නේ මොළයෙන්. ඒ සඳහා හයිපොතැලමස, පිටියුටරිය යන ග්‍රන්ථිවලින් නිකුත් වන හෝමෝනවල බලපෑම හේතු වෙනවා. ඩිම්බකෝෂවල තිබෙන ඩිම්බ (ස්ත්‍රී බීජ) වලින් එකක් පරිණත බවට පත්වී සෑම මසකදීම ඩිම්බකෝෂයෙන් පිටතට එනවා. එම ඩිම්බය එන්නේ ගර්භාෂයට.

8/16/16


සමාජ භීතිකාව යනු සාමාජීය අවස්ථාවන්ට ඇති අධික බියයි. මෙම භීතිකාව ඇති අයට සාමාජීය වශයෙන් වැඩ කිරීමේදී සහ එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමේදී දැඩි අපහසුතා ඇතිවේ. රෝගය සහිත පුද්ගලයින් ගේ මූලික ලක්ෂණය වන්නේ, අන් අය තමන් ගැන කෙසේ සිතාවි දැයි යන අධික සහ නිරන්තර භීතියයි. කවර දෙයක් කලද මෙම බිය ඔවුන්ගේ පිටුපස පැමිණෙයි.


1. හුස්ම් ගැනීමට  ඇති අපහසුව ( විශේෂයෙන්ම බිම දිගා වී සිටින විට හෝ නිදාගෙන සිටින විට )


පපුවේ ඇතිවෙන අධික තෙරපුම් ගතියක් නිසා ගැබුරින් හුස්ම ගැනීමට යම් කිසි අපහසු තාවයක් දැනෙනවානම් වෛද්‍යවරයෙකු හෝ හර්දරෝග වෛද්‍යවරයෙකු හමු වීම ඉතාමත්ම වැදගත් බව හොදින් මතක තබා ගන්න.  හුස්ම ගැනීමේදී ඇතිවෙන මෙම අපහසු තාවය වෙහෙසීම නිසා හෝ බිම දිගා වී සිටින විට ඇතිවෙන අතර එම තත්වය COPD සහ Sleap Apnea1 කියන රෝගයන්ගේ  රෝගී ලක්ෂණයන් හා යම් සමාන කමක් දක්වනවා. ඒවගේම රාත්‍රියේදී අරගනු ලබන හුස්ම වල කෙටි බවක්ද දැකගැනීමට පුලුවන්.



ශරීරයට නිසි ව්‍යායාමයක්‌ නොලැබී ගියහොත් අප දිනපතා ගනු ලබන ආහාරවලින් ශරීරයේ තැන්පත් වන මේදය දිරවීමේ අපහසුතාවයන් ඇතිවෙනවා. එමෙන් ම ස්‌ථුලතාවයට ද පත්වෙනවා. එහෙත් ස්‌ථුලතාවයට පත් නොවන, කෙසඟ සිරුරක්‌ හිමි වන්නේ ශරීරයට නිසි ව්‍යායාමයක්‌ ලැබෙන නිසාම නොවේ. ඇතැම් අය කොපමණ ආහාර පාන ගනු ලැබුවත් කෙසඟ තත්ත්වයෙන් පසුවන අයුරු ඔබ දැක ඇතිවාට සැකයක්‌ නැහැ. ඒ අනුව ස්‌ථුලතාවයට පත්වූවන්ගේ මෙන් ම කෙසඟ සිරුරක්‌ ඇති අයගේ ශරිරයේද මේදස්‌ නැත්නම් මේදය බහුල ලෙස පැවැතිය හැකියි.


කොලෙස්ටරෝල් යනු සංස්තෘප්ත හෙවත් මිදෙන තෙල්ය
. කොලෙස්ටරෝල් තිබෙන පුද්ගලයාගේ නහර තුළ මෙම තෙල් තැන්පත් වේ. එවිට ලේ ගමනාගමනයට බාධා වීමෙන් රුධිර පීඩනය වැඩි වේ. එම තත්ත්වය නහරවල මෙන්ම හදවතේද ඇති විය හැකිය. ආහාරවලින් මෙන්ම හදවතේද ඇති විය හැකිය. ආහාරවලින් මෙන්ම පරම්පරවෙන්ද මෙම රෝගී තත්ත්වය ඇතිවේ.


ඔලිව් තෙල්

ඔලිව් තෙල් කියන්නෙත් ඔමේගා 3 මේද අම්ල වලින් බහුල තෙල් වර්ගයක්. මීට අමතරව ඔලිව් තෙල් වල අඩංගු ඒකසංතෘප්ත (Monosaturated) මේදය සැලකෙන්නේ අපේ ශරීරයට හිතකර මේද ප්‍රභේදයක් විදිහටයි.


කහ

කහ කියන්නෙත් ඉතාම පෝෂ්‍යදායි සංයෝගයක්. මෙහි අඩංගු ප්‍රධාන පෝෂකය වන කර්කමින් (Curcumen) කියන පොලි ෆීනොල් සංයෝගය අපේ ශරීරය තුල අඩංගු අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය 26%කින් අඩු කරන්න සමත් බව පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා.


දෙළුම්

දෙළුම් කියන්නේ හරිම රසවත් වගේම පුදුම ගුණදායක පළතුරක්. ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් දිය කර හරින්න වගේම රුධිර ගමනාගමනය ක්‍රමවත් කරන්නත් සමත් පෝෂක ගණනාවක් දෙළුම් තුල අඩංගුයි.


සුදු ළූණු

සුදු ළූණු කියන්නේ අපි කවුරුත් ආසාවෙන් කෑමට ගන්න දෙයක්. කෑම වර්ග රසවත් කරන්න, විශේෂයෙන් බැදපු ආහාර වලට හොඳ රසයක් එන්න සුදු ළූණු කදිමයි. රසය කොහොම වුණත් ගුණය අතින් නම් සුදු ළූණු බොහොම ඉදිරියෙන් ඉන්නේ.


නිරෝගීව ඉන්න, නිතර ව්‍යායාම කරන්න, ගුණදායක දේවල් කන්න, ශරීරයට අහිතකර දේවල් කෑමට ගන්න එක අඩු කරන්න කියලා කොයි තරම් කිව්වත් අපේ වැඩි දෙනෙක් ඕක ගාණකට ගන්නේ නෑ. තව එකක් කෑවට මොකද වෙන්නේ කියලා හිත හිත දිගටම කල් මරනවා.

8/10/16


මිනිස් සිරුර ඉතා සංකීර්ණ එමෙන්ම පුදුමාකාර යන්ත්රයක් වැන්න. එහි පැවැත්ම හා වර්ධනය නිසියාකාරව පවත්වා ගෙන යෑම සඳහා දිනපතා ආහාර වේල් කීපයක් අවශ්ය වෙයි. මෙම යන්ත්රයේ ඇති සියලූම අවයවයන් හොඳින් හා නිවැරදිව ක්රියාත්මක වන්නේත්, කිසිම උපද්රවයකට ගොදුරු නොවී දිගු කලක් පවත්වා ගෙන යා හැක්කේත් එවිටය. විශේෂයෙන්ම නීරෝගි සිරුරක් පවත්වා ගෙන යෑමට නම්, විටමින් පදාර්ථයන් බහුල ආහාර වැඩි වැඩියෙන් ගත යුතුයි.


මේකට මං යොදාගන්නෙ වෛද්‍ය විද්‍යාෙව බෙහෙත් titration කරනව වගේ දෙයක්
මේකට මුලින්ම සිගරට් වලින් මිදෙනව කියල දැඩිව අදිශ්ඨාන කරගන්න අවශ්‍යයි (ශරීරයේ තැන්පත් වෙලා තෙයෙන නිකොටින් වගේ ඇබැබැහිකාරක නිසා අධිෂිඨානයම ප්‍රමාණවත් මදි). මේක ක්ෂණිකවම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි යම් කාලයක් යනව නමුත් මේක මට නං හරිගියා.

8/8/16


දෙළුම් කියන්නේ අනෙක් පලතුරුවලට වඩා රසයෙන් හා බාහිර පෙනුමෙන් වෙනස් පලතුරක්. මරණ මංචකයේ සිටින කෙනකුට මෙය අනර්ඝ ඖෂධයක්. ටිකක් විතර මිල ගණන් වැඩි වුණත්, එහි පවතින සුවිශේෂී ගුණ සමුදාය මිල පරදනවා.

8/4/16


තරබාරුව හෙවත් ස්‌ථුලතාව හේතුවෙන් පෙරට වඩා වැඩි පිරිසක්‌ වර්තමානයේ පීඩා විඳිති. පෙර අපරදිග හෝ බාල මහලු හෝ භේදයකින් තොර ව ස්‌ථුලතාව නම් ගැටලුව ලෝකය වෙළාගෙන ව්‍යාප්ත වෙමින් ඇත. අප රටේ ද කුඩා දරුවන් පවා වැඩි වැඩියෙන් ස්‌ථුලතාවට ගොදුරු වෙමින් සිටින බව මෑතකාලීන සමීක්‌ෂණ මගින් හෙළි වෙයි.

මෙය රූපලාවණ්‍යයට පමණක්‌ බලපාන ගැටලුවක්‌ නො වේ. හෘදයාබාධ, අධි රුධිර පීඩනය, දියවැඩියාව ඇතුළු බෝ නො වන රෝග ගණනාවකට ම ස්‌ථුලතාව පාර කපයි.

7/31/16


මෙරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ෆ්ලෝරයිඩ් බව තමා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් වසර ගණනාවක් කළ පර්යේෂණ අනුව හෙළිවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා සම්මානිත මහාචාර්ය සී.බී. දිසානායක මහතා පවසයි. දිසානායක මහතා මුඛ අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයා ද වෙයි.

7/24/16


පිළිකාවක්‌ කියන්නෙ දවසකින් දෙකකින් වර්ධනය වෙන දෙයක්‌ නොමෙයි. ඔබ කැමැති හෘදයාබාධයකට ද පිළිකාවකට ද කියල ඇහුවොත් පිළිකාවකට කැමැති වෙන්න. හෘදයාබාධය ක්‍ෂණික මරණය ගෙන එන්නක්‌. පිළිකාව ක්‍ෂණිකව මරණය ගෙන් එන්නක්‌ නෙමෙයි. ඒ වගේම පිළිකා කාරකයනට එනම් පිළිකාවක්‌ ඇති කරන දෙයකට දවසක්‌ දෙකක්‌ නිරාවරණය වුණාට පිළිකා හැදෙන්නෙත් නෑ. පිළිකාවක්‌ කියන්නෙ පිළිකා කාරකයකට සමහර විට වසර ගණනාවක්‌ යොමුවීමෙන් ශරීරයේ සෛල තුළ ඇතිවන වෙනසක්‌.

නමුත් මෙහි තිබෙන භයානකකමත් එයමයි. අද අපි කන කෑම බොන වතුර සහ හුස්‌ම ගන්නා වාතය නිසා තව වසර කිහිපයකින් වැඩිදෙනකුට පිළිකා ඇතිවීමට ඉඩ තිබෙනව. එයට හේතුව අද අපි කන බොහෝ කෑම බීමවල සහ හුස්‌ම ගන්නා වාතයේ පවා පිළිකා කාරක අඩංගු නිසා. රජරට වකුගඩු රෝගය වගේ පිළිකා රෝගයත් අද රට පුරා ව්‍යාප්තවීමේ තත්ත්වයක්‌ ඇතිවෙලා තිබෙනව.

7/14/16


ගැබ්ගෙල පිළිකාව වැළැක්වීම සඳහා දෙනු ලබන එච්.පී.වී. එන්නත 2017 ජනවාරි මාසයේ පටන් පාසල් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ නොමිලේ ලබා දෙන බව වසංගත රෝග අංශය පවසයි. ඒ අනුව දිවයිනේ සියලු පාසල්වල වයස අවුරුදු 10ත් - 11ත් අතර වයස්වල පසුවන දැරියන් (හය වසර) සඳහා මේ එච්.පී.වී. (Human Papillema Virus) ලබා දෙන බව වසංගත රෝග ඒකකයේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය පවසයි.

වයස අවුරුදු 10ත් - 11ත් අතරේ පසුවන සියලු පාසල් දැරියන්ට මේ එන්නත ලබා දීමෙන් ගැබ්ගෙල පිළිකාවෙන් පූර්ණ ආරක්ෂාව සැලසේ. එන්නත ගැබ්ගෙල පිළිකාවෙන් වැළැකීම සඳහා වන ආරක්ෂිතම සහ එකම ප්‍රතිශක්තිකරණ ක්‍රමය වන බවද වෛද්‍ය ගමගේ පවසයි. එච්.පී.වී. එන්නත විදීමෙන් මල්වර වීමේ ක්‍රියාවලියට හෝ දැරියන්ගේ ශාරීරික සෞඛ්‍යයට කිසිදු අහිතකර අතුරුපලයක් ඇති වන්නේ නැත.
එච්.පී.වී. එන්නත මාත්‍රා දෙකක් වශයෙන් දෙවරකට ලබාදීමට නියමිතය. පළමු එන්නත් මාත්‍රාව ලබාදී මාස හයක් ගතවූ පසු එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබා දෙනු ඇත.

5/21/16


5/17/16


අහිතකර කොලෙස්ටරෝල් හේතුවෙන් පිළිකා ශරීරය පුරා ම පිළිකා ව්‍යාප්තවන බව නවතම පර්යේෂණයකින් සනාථ වී ඇත. ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් කණ්ඩායමක් පවසන්නේ කොලෙස්ටරෝල් මගින් යාන්ත්‍රික ලෙස සිරුරේ ඇති සෛලවල සංචලනය නියාමනය කරන බවයි.

මේ සොයා ගැනීම මගින් ඔවුන් පවසන්නේ පිළිකාව හා කොලෙස්ටරෝල් අතර ඇති සම්බන්ධතාව තේරුම්ගත හැකි බවයි.

පර්යේෂණයේ ප්‍රධානී සිඩ්නි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තෝමස් ග්‍රෙවල් පවසන්නේ මේ පර්යේෂණය පිලිකා පර්යේෂණ වලට වැදගත් සම්බන්ධයක් වන බවයි. ඔහු පවසන්නේ පිළිකාව ශරීරය පුරා ව්‍යාප්ත වූ පසු එයට ප්‍රතිකාර කිරීම ඉතා අසීරු කාර්යයක් බවයි. සිරුරේ බොහෝ සෛල තමාට ආසන්නව ඇති සෛල සමග මතුපිට ඇති අනු මගින් බැඳී පවතී.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews