Showing posts with label Health & Lifestyle. Show all posts
Showing posts with label Health & Lifestyle. Show all posts

3/31/16


අපේ රටේ කුඩා ළමුන් පවා දැන් දැන් හිස සේදීමට විවිධ ශැම්පෝ වර්ග, කන්ඩිෂනර් වර්ග භාවිත කරනු සුලභව දකින්නට ලැබෙයි. ලෝකයේ පිළිගත හැකි පර්යේෂණවලින් හෙළි වී තිබෙන, යුරෝපා කොමිසමේ රටවල් විසින් සීමා කිරීම්, තහනම් කිරීම් සහ අවධානයෙන් සිටිය යුතු යෑයි අවධාරණය කොට ඇති ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන් ඇතැම් ශැම්පෝ, කන්ඩිෂනර්, බොඩි ලෝෂන්, දහදිය ගඳ වලක්‌වන ආලේපන වර්ග, සුවඳ විලවුන් වර්ග තුළ අන්තර්ගත වෙන බව සොයා ගෙන ඇත.

 මේවා බොහොමයක්‌ම ගර්භාෂයේ වැඩෙන දරුවන්ගේ මොළයට පවා හානි කරන්නට හේතු වෙන බවත් පැවසේ. මේ සඳහා උදාහරණ ලෙස, Methylisothiazolinone (MIT) නමැති රසායනිකය අසාත්මිකතා සහ ස්‌නායු විෂකාරක ලක්‌ෂණ පෙන්නුම් කර ඇති බැවින්, කැනඩා රජය විසින් තහනම් කර ඇති ආකාරය පෙන්වා දිය හැකිය. තවද මෙම සංයෝග සහිත නිෂ්පාදන යුරෝපා සංගමය සහ ජපානය විසින් භාවිතය සීමා කර ඇත.


Diethanolamine නමැති රසායනික සංයෝගයද යුරෝපා රටවල් විසින් දැඩි සීමාවන්ට යටත්ව භාවිත කරන්නට අවසර දී ඇත. ස්‌නායු විෂකාරක සහ පිළිකාකාරක ලක්‌ෂණ පෙන්නුම් කරන බව සොයා ගෙන ඇත.

මදුරු කොයිල්, එරසෝල්, මැට්‌ වර්ග වැනි මදුරු විකර්ශක වල ක්‍රියාකාරි සංඝටක ලෙස 'පයිරෙත්‍රොයිඩ' වර්ග (Pyrethroids) අන්තර්ගත වෙයි. මේවාට දීර්ඝ කාලීනව නිරාවරණය වීමෙන්, මොළයේ ස්‌නායූ සෛල මත අසාමාන්‍ය ප්‍රතිඵල ඇති කළ හැකි බවට පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ.

දත් සහ අස්‌ථිවල නිරෝගිභාවය උදෙසා වැදගත් මෙහෙයක්‌ ඉටු කළ ද, ෆ්ලෝරයිඩ් අධික ලෙස ශරීරගත වීමෙන් දත් සහ අස්‌ථි පමණක්‌ නොව මොළයේ වර්ධනයටත් හානිකර ලෙස බලපාන බවට තහවුරු වී තිබේ.

මේවා අපේ සිරුරට ඇතුල් වූ විට එම බැර ලෝහවලට අපගේ සිරුරු තුළදී කරන්න කිසිම ජීව විද්‍යාත්මක කාර්යයක්‌ ඇත්තේ නැත. ඒ නිසා මේවා ශරීරය තුළ එකතු වේ. රුධිරය ඩෙසි ලීටර් එකක 'ඊයම්' මයික්‍රො ග්රෑම් පහකට වඩා වැඩියෙන් තිබුණහොත්, ඒවා ජාන වෙනස්‌ වීම් වලටත් බලපානු ලබයි.

කඩේ පිළියෙල කෙරෙන පොල් සම්බෝලයේ පටන් සුප් කැට, සෝස්‌, පේස්‌ට්‌ වර්ග, බිස්‌කට්‌, කුකීස්‌ වර්ග දක්‌වා වන සකස්‌ කළ ආහාර ද්‍රව්‍ය අති බහුතරයකම යහමින් අඩංගු වන වන MSG නොහොත් මොනො සෝඩියම් ග්ලුටමේට්‌ නමැති කෘත්‍රිම රස ප්‍රවර්ධකය ප්‍රබල ස්‌නායු විෂකාරකයක්‌ ලෙස හ`දුනාගැනේ.

ට්‍රාටසීන් (කහ පාට/ E Number,102), ඉන්ඩිගෝ කාමයින් (E. 132.) වැනි කෘත්‍රිම ආහාර වර්ණක යෙදු ආහාර නිතර අනුභව කිරීම නිසාවෙන් ළමුනට ඉගෙනීමේ අපහසුතා සහ හැසිරීමේ ආබාධ සහ වෙනත් ස්‌නායු ආබාධ ඇති විය හැකි බව, සදම්ටන් සරසවියේ මහාචාර්ය ජිම් ස්‌ටීවන්සන් මහතා ඇතුළු විද්‍යාඥයින් අවධාරණය කරයි (Professor Jim Stevenson from Southampton University, UK.)

වෙළද පොලේ තිබෙන ආහාර සැකසුම් වල කවරය පිටුපස බලන්න එවිට ඔබට බලාගන්න පුලුවන්


අධික සීනි පරිභෝජනය, මොළයේ යහපත් ක්‍රියාකාරිත්වයට ද බරපතල ලෙස හානි කරන බව සනාථ වී තිබේ. දිනකට ළමයෙකුට උපරිම ලෙස අනුභව කළ හැකි නිර්දේශිත සීනි ප්‍රමාණය තේ හැඳි 4 ක්‌ (ග්‍රෑම් 20) වුවද, අපේ රටේ අම්මලා සීනි තේ හැඳි දෙක තුනක්‌ දමා තම දරුවන්ට කට කපලා කිරි වීදුරු දෙක තුනක්‌ම පොවන නිසාත්, සීනි දමා සකස්‌ කළ ටොෆි, චොක්‌ලට්‌, කේක්‌, බනිස්‌, බිස්‌කට්‌, ජෙලි, කිරි පැකට්‌, අයිස්‌ පැකට්‌, වැනි ලට පට කෑමත් මහ ගොඩක්‌ ඒ දරුවන් විසින් ආමාශගත කර ගන්නා නිසාත්, අපේ රටේ දරුවෙකු දිනකට අනුභව කරනු ලබන සීනි ප්‍රමාණය ග්‍රෑම් සියය ද ඉක්‌මවන බව අවධාරණය කළ යුතුව තිබේ.

පෘතුවිය තුළ සුලභම මූලද්‍රව්‍ය වන්නේ ඇළුමිනියම් ය. පානීය ජලයේ පවා අංශුමාත්‍රිකව මෙම මූලද්‍රව්‍ය තිබිය හැකිය. මෙම බැර ලෝහයේ විශේෂත්වයක්‌වන්නේ එය අපගේ මොළය තුළ හානිකර ලෙස පැල පැදියම් වන්නට දක්‌වන මනාපයයි.

 ඇළුමිනියම් භාජන වල අම්ල සහිත ආහාර පිසීම සහ ආහාර ගබඩා කිරීම මෙම බැර ලෝහය ශරීරගත වන ප්‍රධාන ක්‍රමයයි. සකස්‌ කළ ආහාර වලටසුලභව යොදනු ලබන ප්‍රතිකැටිකාරක (Anti caking agents) වර්ග වල, බේකින්පව්ඩර්, ඇතැම් ඩිඔඩ්රන්ට්‌ වර්ග (Deodorants) ඇතැම් ප්‍රති ආම්ලික ඖෂධ මගින්ද (ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය සඳහා නිර්දේශිත) ඇළුමිනියම් ශරීර ගත විය හැකිය.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews