Showing posts with label Hollywood. Show all posts
Showing posts with label Hollywood. Show all posts

9/13/16


“මට මතකයි මිස්ටර් දැන් මාස හයකට විතර කලින්, ‘මට වෙඩි තියන්නෙ නැද්ද?’ කියල අලුත් නාට්‍යයක් හදලා පෙන්වනවයි කියල පත්තරවල පළවෙලා තිබුණා. හැබැයි ඊට පස්සෙ ඒ ගැන කිසිම තොරතුරක් දැනගන්ඩ නැතිවුණේ, මොකෝ ඒ නාට්‍යය දිව්වේ නැද්ද?” සාහිත්‍ය උලෙළකදී හමුවූ කිත්සිරිගෙන් විචාරකයකු වූ සුමනසේකර විමසීය.

9/12/16


සෝනම් කපූර් ට, ආක්ෂේ කුමාර් සහ ඔහුගේ බිරිය ට්වින්කල්ගෙන් සාදයකට ඇරයුමක් ලැබුණා. ආක්ෂේ රඟපෑ ‘රස්ටම්’ චිත්‍රපටය සාර්ථකව තිරගත වීම නිමිත්තෙන් පැවැති එම රාත්‍රී සාදයට සෝනම් එක් වුණේ තනිව ම නොවෙයි. දිල්ලි නුවර ව්‍යාපාරිකයකු වන ආනන්ද් අහුජා සමඟයි. ඇඳුම් මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයකු වන ඔහු සමඟ සෝනම්, සාදයකට සහභාගි වුණේ ඇයි දැයි දැන් බොලිවුඩ්පරයේ කසු කුසුවක් ඇතිවෙලා.

‘ආටක නාටක’ ටෙලිනාට්‍ය මාලාව නරඹන ප්‍රේක්ෂකයෙකුට ඔහු අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නොවෙයි. මේ වනවිට ‘සුරං’ ලෙස කා අතරත් ජනප්‍රිය සුරංග සතරසිංහ තම නිවෙසේම කෙනෙක් මෙන් ප්‍රේක්ෂකයනට සමීප වී හමාරයි. මෙවර කැදැල්ල විශේෂාංගය ඔස්සේ සුරංග සහ ජෙනී සතරසිංහ යුවළගේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා. ගොඩගම, පැලඳගොඩ, තැඹිලි උයනේ පිහිටි ඔවුන්ගේ සොඳුරු කැඳැල්ලට අපි ගොඩ වැදුණේ ඒ වෙනුවෙන්.

නව පරපුරේ නිළියන් වැඩි දෙනෙකුට තියන ලෙඩක් තමයි මේ අමතක වීම. තැනකට ගියාම මුල මතක නැහැ. තමන්ව මුලින්ම නාට්‍යවලට ගත්තු අයව පවා ඇතැම් නිළියන්ට මතක නැහැ. ඒ අය අතරේ තිළිණි පෙරේරා නම් නව පරපුරේ නිළිය වෙනමම තැනක ඉන්නවා. ඇය තමයි මේ දිනවල විකාශය වන සල් සපුනා ටෙලි සිතුවමේ අමායාගෙ යෙහෙළිය හැටියට රඟපාන්නෙ.

පසුගිය සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම නිළිය වූ ඉෂාරා සඳමිණි තව නොබෝ දිනකින් ආයුර්වේද වෛද්‍යවරියක ලෙස පත්වීම ලබනවා. මේ දිනවල ඇය රෝහල් කිහිපයකම පුහුණුව ලබන බව තමයි ආරංචි වුණේ. මේ හේතුවෙන් ඉෂාරා ඉතාමත් කාර්යබහුල ජීවිතයක්ලු ගත කරන්නෙ. මේ කාර්යබහුලකම නිසාම ඇය තමන්ගේ දුරකතනය ගෙදර දාලා යනවා.

9/8/16


හොංකොං පොලිස් නිලධාරියකු වන බෙනී චෑන්, දරුණු මැර නායකයකු කොටුකර ගැනීමට දශකයක් තිස්සේ උත්සාහ දරයි. බෙනී මේ අපරාධකරුවා වොන් නැමැත්තා බවට විශ්වාස කරයි. මේ අතර බෙනී ගේ මියගිය සහකරු වූ යුන් ගේ දියණිය, සමැන්තා වොන්ගේ කල්ලියට මැදි වෙයි. සමැන්තා ඉන් මුදා ගැනීමට නම් බෙනීට ඇමෙරිකානු වංචනිකයකු වන වොට් සොයා ගැනීමට සිදුවෙයි. කැසිනෝ ලෝලියකු වන වොට් අමෙරිකාවට පය තැබීමට තහනම් වූ පසුව චීනයේ වෙසෙයි. කෙසේ නමුත් මේ වනවිට වොට් රුසියානු මැර නායකයකු විසින් අත්අඩංගුවේ රඳවාගෙන සිටියි. වොට් මෙම මැරනායකයාගෙන් ගලවා ගෙන රුසියාවෙන් හොංකොං වෙත ගෙන ඒමට බෙනී බලවත් උත්සාහයක නියැලෙයි.

9/5/16


ජනප්‍රිය නළු නිළි යුවළක් වන ජොනි ඩෙප් සහ ඇම්බර් හර්ඩ්ගේ විවාහ දිවිය ගතවුණේ අවුල් වියවුල් මැද්දේයි. පසුගිය දා දෙදෙනාම මේ කටුක යුග දිවියට සමු දුන්නා. ජොනිගෙන් දික්කසාද වූ ඇම්බර්ට වන්දි වශයෙන් ඩොලර් මිලියන 7ක මුදලක් ලැබුණා. ඇය ඒ මුදල තමන් සන්තකයේ තබා ගත්තේ නැහැ.
හිටපු සැමියාගෙන් තමන් ලද ඒ විශාල ධනය ඇය නොමසුරුව පරිත්‍යාග කළේ ක්‍රෑර සැමියන්ගේ පහර කෑම්වලට ලක්වූ බිරින්දෑවරුන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන්.

ලින්ඩ්සේ ලෝහන් සහ ඉගෝ තරබසොව් අතර ප්‍රේමයක් හට ගැනුණේ මෑතකදීයි. ටික කාලයකින්ම මේ සුපිරි හොලිවුඩ් නිළියගේත් රුසියානු ජාතික ව්‍යාපාරිකයාගේත් පෙම් කතාව නිමාවට පත්වුණා.
ඒ සමඟම විවිධ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් උත්සාහ කළේ ලින්ඩ්සේ - ඉගෝ සබඳකම පැවැති කාලයේදී සිදුවූ අමිහිරි සිදුවීම් හාරා අවුස්සන්නයි. පසුගිය දා, රුසියාවේ රාජ්‍ය රූපවාහිනී නාළිකාවක ජනප්‍රිය සංවාදාත්මක වැඩසටහනකින් ලින්ඩ්සේට ඇරයුමක් ලැබුණේ ද එවැනි ලට-පට අවුස්සන්නට මිස වෙනත් විශේෂ කාරණයක් කතාබහ කරන්නට නොවෙයි.

8/26/16


දැන් බොහෝ දෙනෙක් වැඩි වෙලාවත් ගත කරන්න තෝරා ගන්නේ ‍ෆේස්බුක්. නළු නිළියන් අතරත් ඉහළ ප්‍රසිද්ධියක් ලද මේ මුහුණුපොතේ මිලියන සියයක රසික රසිකාවන් ළංකරගත් පළමු නළුවා වෙන්නේ වින් ඩීසල්.

ඩ්වේන් ජොන්සන් හෙවත් රොක් පසුගිය කාලයේ ඉතාම දුකින් සිටි බව තමයි හොලිවුඩෙයන් ආරංචි වෙන්නේ. රොක් මේ විදියට දුක් වෙලා තියෙන්නේ වයස අවුරුදු හතක පුංචි දරුවෙක් නිසා. ග්‍රේබියල් ටේටර් සිංගල්ටන් නම් මේ පුංචි හොලිවුඩ් රසිකයා පිළිකා මාරයා සමඟින් වසර කිහිපයක් සටන්කර පසුගියදා ජීවිතයෙන් සමුගත්තා.

8/21/16


‘ද ලෙජන්ඩ් ඔෆ් ටාසන්’ චිත්‍රපටයේ රඟපෑ මාගට් රොබී ගේ මීළඟ රංගනය ඇතුළත් වන්නේ ‘සුයිසයිඩ් ස්ක්වොඩ්’ චිත්‍රපටයේ. එහි එන එක්තරා දර්ශනයක රඟද්දී ඇයට විනාඩි පහක් දිය යට හුස්ම නොගෙන සිටීමට සිදුවෙලා. තවමත් 26 වැනි වියෙහි පසුවන මේ සුරූපී නිළියට දිය යට දී මෙවැනි විස්කමක් දක්වන්නට හැකිවී ඇත්තේ පෙර පුහුණුවක් ද ලැබීමෙන් පසුවයි.

8/16/16


කායවර්ධන මධ්‍යස්ථානයකට හෙවත් ‘ජිම්’ එකකට ගොස් ව්‍යායාම් කිරීම ගැළපෙන්නේ පිරිමින්ට පමණක් ද? ජනප්‍රිය නිළි ගෙමා ඇට්කින්සන් මේ ප්‍රශ්නය අහන්නේ තරමක කේන්තියකින්. ඇය නිතරම එවැනි කායවර්ධන මධ්‍යස්ථානයකට ගොස් ව්‍යායාම් කරමින් තමන්ගේ ඇඟපත හදාගන්නට මහන්සි ගන්නවා.

ලොව පුරා සංගීත රසකාමීන්ගේ ආදරය දිනා ගත් සුපිරි ගායිකා ශකිරා මේ දිනවල ලකලැහැස්ති වෙමින් සිටින්නේ විශේෂ සංගීත සාදයකට සහභාගි වෙන්නයි. මෙය ප්‍රසිද්ධ ස්ථානයක පැවැත්වෙන සාදයක් නම් නොවෙයි. විවාහ මංගල උත්සවයකදී ගැයෙන ගී එකතුවක්.

8/8/16


ලොවක් වසඟ කළ හොලිවුඩ් සිනමා නිළිය මැරිලින් මොන්රෝ වරක් විවාහ වී සිටියේ සුපිරි බේස්බෝල් තරුවක් වන ජෝ ඩී මැගියෝ සමගය. මැරිලින්ට දැඩි ලෙස ආදරය කළ ඔහු මැරිලින්ගේ මරණය සිදුවන කාලය වනවිට ඇගෙන් දික්කසාදව සිටියද හැම වසරකම ඇය මරණයට පත්වූ දිනය සිහිකොට රතු රෝස මල් කළඹක් ඇගේ සොහොන මත තබන්නට අමතක නොකළේය.

8/7/16


2000 වර්ෂයේ උපන් ඇය ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූයේ 2002 වර්ෂයේදීය. ඇගේ පළමු චිත්‍රපටය වූයේ 2005 වර්ෂයේදී තිරගතවූ Shards නම් චිත්‍රපටයයි. ඒ වනවිට ඇයට වයස අවුරුදු 05ක් විය. මෙම චිත්‍රපටයෙන් පසු ඇය නිරූපණ ක්ෂේත්‍රයටද ප්‍රවිෂ්ටවූ අතර, නිරූපණ මේ වනවිට රූපවාහිනී වෙළෙඳ දැන්වීම් 21ක් සඳහා දායක වී තිබේ.

2009 ළමා නිරූපිකාව ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය මේවනවිට 15 වැනි වියේ පසුවෙයි. 2000 වර්ෂයේදී උපන් ඇය 2009 වර්ෂයේදී "Til Death"රූපවාහිනී කතාමාලාවට රංගනයෙන් දායක වෙමින් රංගන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වීමට වරම් හිමිවිය.


මේ වනවිට හොලිවුඩයේ අඩුවයසින් ජනප්‍රියත්වයට පත්ව ඇති රංගන ශිල්පීන් පිළිබඳවය. 2016 වසර තුළ මේ වනවිට වැඩි ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින රංගන ශිල්පීන් තිදෙනෙකු පිළිබඳව IMDb වෙබ් අඩවිය මෙසේ වාර්තා කර තිබිණි.

8/6/16


හොලිවුඩයේ ජනප්‍රිය නිළි ක්‍රිස්ටීන් ස්ටුවර්ට් දැන් ඉහළ ජනප්‍රියත්වයක් ළඟාකරගෙන අවසන්. නමුත් ඇයගේ ජීවිතයේ කාලයක් බොහෝ ප්‍රශ්න ඇති වූ බව කියනවා.  The Twilight Saga චිත්‍රපට මාලාවට සම්බන්ධ වූ කාලයේ සිය පෞද්ගලික ජීවිතය ගැනත් හිතේ සැනසීම සතුටත් යම් ප්‍රමාණයකට නැති වී තිබු බව ඇය පවසනවා. ක්‍රිස්ටීන් ඒ කාලය පුරාවට ආතතියෙන් සිටි බවයි හෙළි වෙන්නේ.

පොප් ගී ලොව කිරුළු පැලඳී මයිකල් ජැක්සන් මත් ද්‍රව්‍ය පමණට වඩැ භාවත කිරීම නිසා වයස අවුරුද පනහේදී මෙලොවින් සමු ගෙන යන්න සිදු වූවා. ඔහුගේ හොඳම මිතුරා මෙන්ම පෞද්ගලික වෛද්‍යවරයා වූ වෛද්‍ය කොන්රඩ් මරේ විසින් මයිකල් ජැක්සන් පිළිබඳ රචනා කරන ලද “ඊඩඪඵ ඪඵ ධ්බ” නම් කෘතිය දැන් ලොවම කලඹන්නක් බවට පත් වෙලා. ඒ මඟින් මයිකල් ජැක්සන් ගැන බරපතල රහස් ගොඩක් හෙළි වෙලා.

අතිශය ජනප්‍රිය සේම වැඩිම වියදමක් දරා නිර්මාණය කෙරෙන රූපවාහිනි කතාමාලාව වන ගේම් ඔෆ් ත්‍රෝන්ස් නිර්මාණකරුවන් වන ඩේවිඩ් බෙනිඔෆ් සහ ඩී. බී වෙයිස් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූවා. ජෝර්ජ් ආර්. ආර්. මාටින් විසින් රචනා කරන ලද ‘අ ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ ෆැන්ටසි නවකතා මාලාව ඇසුරෙනුයි එය ඔබ හමුවට එන්නේ.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews