Showing posts with label Jokes. Show all posts
Showing posts with label Jokes. Show all posts

9/13/16


“මේ දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලට හා හා පුරා කියල අඩිය තිබ්බේ අද තමයි කියලා තමුසෙ මෙහෙට ආපු ගමන් කිව්වනෙ. මේ තට්ටුවේ වැසිකිළිය තියෙන්නෙ අහවල් තැනයි කියල මේකෙ කොතැනකවත් බෝඩ් එකක්වත් නැතුව, තමුසෙ කොහොමද වැසිකිළිය තියෙන තැන හරියටම හොයා ගත්තෙ?”


“මම හැම වෙලේම කියනවනෙ අපෙ පුතාට මගෙ කාමරේට රිංගලා, මගෙ වැඩ කටයුතු අවුල් කරන්ඩ එපා කියලා. බලන්ඩකො කාන්ති, මේ ළමයා මගෙ වෙබ් සයිට් එක එහෙම පිටින්ම අවුල් කරලනෙ.” තම ලියන කාමරයේ පරිගණකය ඉදිරියේ වාඩිවී සිටි චන්ද්‍රසිරි උස් හඬින් කීවේ තරමක කෝපයකිනි.


“නිළියක් විදියට වේදිකාවේ, ඒ වගේ ම සිනමාවේ විවිධ දස්කම් පෑ ඔබ විවාහ වුණෙත් ඔබේ ක්ෂේත්‍රයම නියෝජනය කරන කලාකරුවෙක් සමඟ. ඔය දෙන්නගෙ විවාහ ජීවිතය ගැන ආදරණීය ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නෙ?” ප්‍රකට නිළියක සමඟ තම කලා පුවත්පත වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක නිරත වී සිටි විනෝද් ඇයගෙන් විමසීය.


“සඳමාලි, මේ දවස්වල අපේ හැම මාධ්‍යයකම වගෙ බෑන් කීන් මූන් ගැන හුඟක් දේවල් පළ වෙනවනෙ. ඔයාට මොනවද හිතෙන්නෙ, මේ බෑන් කීන් මූන් ගැන?


බස් කොන්දොස්තර තැන, බස් ගාස්තුව ලෙස තමා ඔහුට දුන් රුපියල් දහයෙන් ඉතිරි මුදල වූ රුපියල දීම හිතාමතා මඟහරින බව තේරුම් ගත් චන්ද්‍රසිරි ගමනාන්තය එලැඹීමට පෙර ඔහු වෙත ගොස් ඉතිරි මුදල ඉල්ලුවේය.


“මට මතකයි මිස්ටර් දැන් මාස හයකට විතර කලින්, ‘මට වෙඩි තියන්නෙ නැද්ද?’ කියල අලුත් නාට්‍යයක් හදලා පෙන්වනවයි කියල පත්තරවල පළවෙලා තිබුණා. හැබැයි ඊට පස්සෙ ඒ ගැන කිසිම තොරතුරක් දැනගන්ඩ නැතිවුණේ, මොකෝ ඒ නාට්‍යය දිව්වේ නැද්ද?” සාහිත්‍ය උලෙළකදී හමුවූ කිත්සිරිගෙන් විචාරකයකු වූ සුමනසේකර විමසීය.

9/5/16


“ලකී කියනවා බලන්න, ‘මිනිහා ගහෙන් වැටුණේය’. කියන වාක්‍යය අයිති මොන කාලයටද කියල?” චමරි ටීචර්, තම පන්තියේ සිටින දඟකාර සිසුවකු දෙසට ඇඟිල්ල දිගු කරමින් කීවේ සිංහල පාඩම උගන්වමින් සිටියදීය.


“හරිම පුදුමයක් නෙ අනේ මේක. සාමාන්‍යයෙන් හැම සතියකම වගෙ වෙළෙඳ දැන්වීම් අතිරේකවල වැඩි හරියක් තියෙන්නෙ කොළඹයි, ඒ අවටයි පළාත්වල ඉඩම්, ගෙවල් විකුණන්ඩ තියෙනවයි කියල පළකරන දැන්වීම් නෙ.


“පුතා දන්නවද ජෝර්ජ් වොෂිංටන්? එයා ඔයාගෙ වයසෙදි මිනින්දෝරුවෙක් විදියට වැඩකරන තරමට දක්ෂයෙක් වුණා. අපි පුරුදු වෙන්ඩ ඕනෑ අන්න ඒ වගෙ අයව ආදර්ශයට ගන්ඩ තමයි පුතා.” කීර්ති ඉගෙනුමට වඩා සෙල්ලමට වැඩි නැඹුරුතාවයක් දැක්වූ තම පුතු හට ක‍ීවේ ඔහුට එමඟින් නිවැරැදි මාවතක් විවෘත කරදීමේ අපේක්ෂාවෙනි.


මහ මැතිවරණයකට පසු දින ඌව පළාතේ සමස්ත මනාප ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කළ එක් රූපවාහිනි සේවයක් ඒ සැණෙකින් ම ප්‍රචාරය කළේ ඉතා ජනප්‍රිය එක් නෘත්‍ය ගීතයකි.


“මේ කන්තෝරුවේ ලොක්කෝ කරන දූෂණ, වංචා, මගඩි ගැන තොරතුරු ෆයිල් පිටින් ගෙනහින් උඹ අමාත්‍යාංශෙ ලොකු තැන්වලට වාර්තා කළානෙ. ඉතින් එහෙම එළිදරව්වක් කළා ම ඒ වෙනුවෙන් උඹට ඒ ගොල්ලන්ගෙන් මොකවත් ලැබුණේ නැද්ද?”





“අර නිළියක් උඹලගෙ පත්තරේට ගිය සුමානෙ කියල තිබුණා නේද උඩුගං බලා පීනනවා කියල. ඒවා අමූලික බොරුවක්නෙ.” කලා පුවත්පතේ කර්තෘ ඉදිරිපිට පුටුවකට බර දෙමින් චන්ද්‍රසිරි කීවේ කතුවරයා දෙස බලමිනි.

8/28/16


“චිත්‍රපට නිළියක් වූ ඔබ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් කසාද බඳිනවට ඔබේ දෙමවුපියන් විරුද්ධ වුණේ නැද්ද?” තරුණ චිත්‍රපට නිළියක හා පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක යෙදී සිටියදී ප්‍රසාද් ඇගෙන් විමසීය.


අලුතින් සිනමා ශාලාවල තිරගත කිරීම ඇරඹූ චිත්‍රපටයක් අසීමිත ප්‍රදර්ශනය සඳහා සුදුසු නොවෙතැයි පැනනැඟුණු විරෝධතා හමුවේ රැඟුම් පාලක මණ්ඩල සභාපතිවරයා අදාළ අමාත්‍යාංශයට කැඳවනු ලැබිණ‍.


“අපි මොකක් හරි උත්සව අවස්ථාවකදී පිත්තල පහනක් පාවිච්චි කරන්නෙ මුලින් ම ඒක දල්වලා වැඩ පටන් ගන්ඩනෙ. සාම්ප්‍රදායිකව ඒ වගෙ චාරිත්‍රයක් අනුගමනය කරන්නෙ ලොකු භක්තියකින් නෙ.

අපි එහෙම ගෞරවයකින් සලකන පිත්තල පහනක් උඩ ඉඳගෙන අපේ තරුණ නිළියක් ගත්ත පින්තූරයක් මේ ඊයේ පෙරේදා පත්තරේක මුල් පිටුවේ පළ කරල තිබුණනෙ” සෙනෙවි, චන්ද්‍රසිරි සමඟ කීවේ වැඩමුළුවේ විරාමයකදී තේ කෝප්පයක් තොලගාමිනි.


ඉරිදා උදේ තේ පානයෙන් පසු සාලයේ සැප පුටුවක ඈඳි ගෙන සති අන්ත පුවත්පතක් කියවමින් සිටි පෙ‍රේරා ගේට්ටුවේ විදුලි සීනුව නාද වෙනු ඇසී නැගිට්ටේ කම්මැලිකමිනි. ඉස්තෝප්පුව පසුකොට ප්‍රධාන දොරෙන් පිටවී නිවසේ පඩිපෙළ බැස ගෙවත්ත හරහා ගොස් හේ ගේට්ටුව ඇරියේ ඈනුමක් හරිමිනි.


“කුමාර බොහොම පරිස්සමෙන් ඩ්‍රයිව් කරන කෙනෙක්නෙ. ඉතින් කොහොමද අනේ මේ වගෙ ඇක්සිඩන්ට් එකක් වුණේ?” ආරෝග්‍යශාලාවේ ඇඳක වැතිර සිටි කුමාරගේ බිරිය ඩල්සි ගෙන් රීටා විමසුවේ ඇගේ සුරත අල්ලා ගනිමිනි.

8/21/16


“මට නං මගෙ මුළු ජීවිත කාලෙදිම කිසිම පිරිමියකුට මාව සිප ගන්න ඉඩදීලා නැහැ. ඒක මම ලොකු ආඩම්බරේකින් සිහි කරන්නෙ” අවිවාහක ලිපිකාරිනියක වූ සුසිලා තවත් එවැනිම යතුරු ලේඛිකාවක වූ රජිතා සමඟ කීවේ දිවා ආහාරය ගනිමින් සිටියදී ය.


“මොකද්ද මල්ලි මේ පාද යාත්‍රාව කියනවා? යාත්‍රාව යන්නෙ වතුරෙනෙ. ඉතින් මේ යාත්‍රාව කොහොමද මල්ලි නුවර ඉඳලා කොළඹට මහ පාර දිගේ යනවා” රාත්‍රි ප්‍රවෘත්ති විකාශනය නරඹමින් සිටි සයිබු නානා තමා අසල සිටි සිරිල් දෙස බලා විමසීය.


“ඔය සමන්තගෙ වේදිකා නාට්‍යකට තමුසේ වියදම් කරලා, ඒකෙදි මිනිහා වැඩකරපු විදිහ ගැන තදින් කලකිරිලා ඔය වගෙ තිරිසන්නු තමුසෙ ළඟට එක්ක ආවට, තමුසෙ තිලකරත්න අන්කල්ටත් බැණ බැණ හිටියා නේද? නාට්‍ය උත්සවය වෙලාවේ හම්බවුණාම “හලෝ සනා” කියල තමුසෙ සමන්තට අත දීලා කතා කරනවා දැක්කම මට ඒ පරණ සිද්ධිය මතක් වුණා.” අතරමගකදී හමුවූ කුරේ සමඟ හෝටලයකට ගොඩවී තේ කෝප්පයක් බොමින් සිටියදී අබේනායක කීවේ ය.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews