Showing posts with label MotorBike Reviews and Guides. Show all posts
Showing posts with label MotorBike Reviews and Guides. Show all posts

8/13/16


• Start කලවිට සුදු දුමක් එයි නම්, අනිවා bore එකට වතුර mix වෙනවා.• කළු දුමක් නම්, fuel mixer එක ගොඩාක් rich හෝ carb එක flood වීමෙන් එකතු වූ fuel දහනය වෙනවා.

• නිල පාටට හුරු ලා දුමක් නම් (ඉතාම තුනී) Air /fuel mixture එක rich.


• මීට අමතර තිබෙන සුළු සුළු අඩුපාඩුකම් නම් ලසියෙන් කරගන්න පුළුවන් එමනිසා බයික එක test run යන වෙලාවේ මේවත් බලන්න.

• ඉස්සරහ රෝදයේ වැනෙන ගතියක් තිබේ නම් එක්කෝ රෝදයේ බෙයාරින් හෝ කොලර් එකේ රේසර් ගිහින් තිබෙන්න පුළුවන්.

• තවද අස්සරහ එක පැත්තකට අදිනවා නම් එක්කෝ tire එක පැත්තට ගෙවිල හෝ handle එක ඇද වෙලා තියෙන්න පුළුවන්.


• බයික් එකේ seat එක ගලවල පිටිපස්සට ගිහිල්ල බලන්න බයික් එක සමාකාරව තියනවද කියල.

• මොකද සමහර වෙලාවට එක්කෝ පැත්තකට ඇද වෙලා හෝ පැත්තක පත් වෙලා හෝ එක පැත්තක ඇතුලට එබිලා හෝ තියන්නේ නම් එම බයික් එක නතුරකට ලක් වී ඇති බව පැහැදිලි වෙයි.


• Water cool නම් අනිවා radiator එක බලන්න එකේ fins ගොඩක් ඇද වෙලා නම් වැඩේ ටිකක් අවුල්.එක්කෝ කට හරි කියල fins ටික කෙලින් කරන්න වෙනවා.නැත නම් බයික් එක overheat වෙන්න පුළුවන් traffic වල හෝ කන්දක වාගේ යනකොට.


• බොහොම කනගාටුයි කියන්න engine එක බලන්න නියමිත විදියක් නම් කියන්න බැහැ මොකද එන්ජිමක විවිධාකාර ලෙඩ තියන්නේ පුළුවන්,

i. tappet
ii. cam
iii. rod
iv. timing chain
v. drivetrain
vi. clutch hub
vii. piston rod
viii. oil pump
වැනි විවිධාකාර තැන වලින් විවිධ හේතු මත ශබ්ද එන්න පුළුවන්.ඉතින් හොඳම දෙය නම් අනෙක් සියල්ලම තමන් බලල හොඳ නම් බයික් ගැන දන්නා කියන කෙනෙක් එක්ක ඇවිල්ල engine එක බලව ගන්න එකයි.


• පළමුව Oil level බලන්න.oil අඩුව පදින අයගේ බයික් ගැනීමෙන් වලකින්න. මොකද එම engine ඒ වන විටත් අවසන් ගමනේ යමින් සිටින නිසාවෙනි.

• ඔබ දක්ෂයෙක් හෝ පරිනත පුද්ගලයෙක් නම් Oil thickness සහ සුවඳ බැලිය හැක.


• බයික් එක පදින විට Chain එක “සිරි, සිරි” වැනි ශබ්දයක් හෝ hum එකක් එයි නම්,එක්කෝ chain එක ගෙවී හෝ ඇදී තිබේ.

• Chain එකට liquid grease ගස ඇත්නම් සුදු පාටට එය දැකිය හැකි වෙයි. එය chain දිගු කාලයක් භාවිත කිරීමට විශාල වශයෙන් උදවු වේ.


• ඔබලාට ගොඩක් වෙලාවට බයික් වල wiring එක බලන්න දෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් පහත සඳහන් දේවල් උපරිමයෙන් බලන්න.

i. බැටරිය: බයික් එක start කරන විට ඇද ඇද start වෙයි නම් බොහෝ විට battery එක සවුත්තු වී තිබිය හැක.battery එක seal type ,maintenance free එකක් පමණයි මෙම කාණ්ඩ වල බයික් වලට ගැලපෙන්නේ.


• ඉදිරිපස:

1. ඉස්සරහ ගැන කතා කරද්දී කියන්න තියන ප්‍රධාන දෙයක් තමයි, ගොඩක් වෙලාවට අනතුරු වලට ලක් වෙච්ච බයික් වල fork බට ඇද වෙනවා.අපට ඇසට නොපෙනෙන ඇදයක් තිබුනොත් එයින් වෙන්නේ oil seal විනාශ වෙන එකයි.

2. ඉතින් ඔබ ඉස්සරහ shocks පරීක්ෂා කරන විට හිර ගතියක් දැනෙනවා නම් technician කෙනෙක් ලව බලව ගන්න.මොකද පසුව oil leak වීමට ඉඩ ඇති අතර.නැවත දමන දමන oil seal විනාශ විය හැක.

3. Oil seal ඉරිතලා කැඩී ඇති අතර fork බටය සහ අවට oil ඇත නම් අනිවාර්යෙන් පසුව oil දමා seal ද ගැසිය යුතු වෙයි.


• මුලින්ම බලන්න brake lever එක ගාව oil බෙරෙනවද කියල.මොකද oil බේරෙනවා නම් එක්කෝ pump එකේ piston එක සහ washer මාරු කරන්න වෙනවා.නැත නම් මුලු pump එකම දාන්න වෙනවා.

• ඉස්සරහ සහ පස්සහ brake pads බලන්න.සමහර විට කට්ටටම ගෙවිල තියෙන්නත් පුළුවන්.එවිට බයික් එක පදින කොට සීරීම් ශබ්දයක් එනවා.


• බයික් එක අනතුරකට පත්ව ඇති බොහෝ අවස්ථාවල rim වලට හානි සිදුවෙයි.

• එමනිසා rim edge ඒකාකාරී නොවී අද වී ඇත්නම් හෝ පුපුරා ඇත නම් හානිදායක වෙයි.තවද එහි ගරාදි පිළිබඳවත් සැලකිලිමත් වන්න.


 • වර්තමානයේ සියල්ලටම වැඩ මිලෙන් ඉහල ගොස් ඇත්තේ ටයර්.විවිද මිල ගනන් මත 7000 පමණ සිට 25000 පමණ වන බව මතක තබා ගන්න.honda hornet සහ tw 200 වල පිටුපස ටයරය 20000 සිට 25000 පමන වේ.(japanese or europian made super branded tires)

• එමනිසා අනිවාර්යෙන් ටයර් දෙක පිළිබඳව සැලකිලිමත් වන්න.


• මෙය ඉතාමත් වැදගත් උපාංගයකි.මුලින්ම පිටතින් බැලුවත් පසුව start කල පසු බයික් එක accelerate කර බලන්න rev indicator එක නියමිත ආකාරයට වැඩ කරනවාද කියා.මොකද Chinese meter වල rev indicator එක පොඩ්ඩක් රේස් කල විට වෙඩි කාපු ඌරෙකු මෙන් ඉහලට දුවයි.

• Speedo meter සහ ODO meter එක ඉතින් දුවලම තමයි බලන්න ඕන.බොහෝ අවස්ථාවල speedo වැඩකරන්නේ නැත්තේ අය කිව්වම cable එක කැඩිලා කියන්න පුළුවන්. නමුත් digital මීටර් හෝ නව තාක්ෂණික analogue meter වල තියන්නේ circuit එකක් හො coil එකක්.එම නිසා ඔබ බලන බයික් model එක පිළිබඳව හොඳින් දැනගෙන යන්න.

• Meter set එක fade වෙලා තියන්න පුළුවන්.එහෙම උනොත් රාත්‍රියට ඉලක්කම් පෙන්නේ නැති වෙන්න පුළුවන්එම නිසා ටිකක් අඳුරු කර බලන්න.

• Meter set එකක් බොහෝ විට 15000 සිට 45000 දක්වා විය හැකි බැවින් පරික්ෂාකාරී වන්න.

• CB4 v-tech,cbr 6, vtr efi,drz digital,XR digital,WR වැනි බයික් වල digital type මීටර් තිබෙන හෙයින් එය සුළුවට හිතන්න එපා.


අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී

8/12/16


i. Honda hornet වාගේ නම් ටැංකියට තට්ටු කරන්න යන්න එපා මොකද බයික් එක වැටිලා නම් ෂුවර් එකටම ටැංකිය තැලෙනවා.එක හින්ද ටින්කරින් කරපු ඒවා ලේසියෙන්ම හොයන්න පුළුවන් ටැංකියේ ඇතුල බැලීමෙන්.

ii. ටැංකියේ මුඩිය ඉවත්කොට torch එකක් ගසා බලන්න දෙපැත්ත තැලිලා හෝ ටින්කරින් කර ඇත්ද යනවග.

iii. තවත් කරුණක් නම් ටැංකියේ ඇතුලට condition එකෙන් ගොඩක් වෙලාවට බයික් එක පිළිබඳව අදහසක් ගන්න පුළුවනි.මොකද ටැංකිය මලකඩ කා නොමැති නම් ඔබට එය පැහැදිලව දැක ගත හැකි වෙයි. අළුපාට නියම steel වර්ණය තිබේනම් වඩාත් යෝග්‍ය වෙයි.

iv. Ducati, KTM, Triumph වැනි බයික් වල ටැංකියේ ඇතුලත ආරක්‍ෂිත ආවරණයක් (paint coating එකක්) ආලේප කර තිබෙන්නට ඉඩකඩ ඇත.


 • මුලින්ම ඉදිරිපස fender එක, meter set එක, කණ්නාඩි, ටැංකිය ,සීට් එක, පසුපස hump එක සහ පසුපස fender එක බලන්න.

• ඉදිරිපස සහ පසුපස fenders:



මෙතනදී විශේෂයෙන්ම 250cc කාණ්ඩයට සහ ඊට වඩා වැඩි බයික් ගැන තමයි කියන්න යන්නේ.ඉතින් එක හින්ද ඔය ලොකු බයික් ගන්න ඉන්න සහෝදරයන්ට මේක වැදගත් වේවි කියල මම හිතනවා.

01. බයික් එක දුවන තත්වයේද නැද්ද යන්න
• බයික් එක running condition නැත්නම් කියන්න තියන්නේ හොඳ mechanical technician කෙනෙක් ලවා පරීක්ෂා කර ගන්න.කිසිම වෙලාවක ඔබගේ හැගීම් වලට යටවෙලා තීරණ ගන්න එපා.

• Running condition තිබේ නම් පමණක් ඉදිරියේදී දක්වන කරුණු පිළිබඳව සැලකිලිමත් වන්න.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews