Showing posts with label Movies. Show all posts
Showing posts with label Movies. Show all posts

7/4/16


Devathayai Kanden දෙමළ චිත්‍රපටි වලට කැමති අයට ආදර්ශමත් චිත්‍රපටියක් ගෙනාව.මෙම කතාව සෑම කෙනෙක්ම බලනවනම් හොඳයි කියල අප සිතනවා.

විශේෂයෙන්ම තරුණ තරුණියන් අනිවාරයෙන්ම මේ කථාව නරඹන්න. මෙම කථාවෙ ප්‍රධාන නළුවා දක්ෂ රංගන ශිල්පියෙක්.

මෙහි කථාවෙ චරිතය බාබු ඔහු තේ විකුණන තරුණයෙක්. අහම්බෙන්  තරුණියකගෙ කුඩයක් සුළගට ගසාගෙන යනකොට බාබු කුඩය එම තරුණියට අරන් දෙනවා.

6/18/16


අපි දන්නවා ගොඩක් කට්ටිය මේක බලලා තියෙනවා කියල. 

තේරී චිත්‍රපටිය ඔයාල තාම බලල නැතුව ඇති කියල අප විශ්වාස කරනවා විජය රගපාන හොද චිත්‍රපටියක් සටන් ජවනිකා,ආදරය,වේදනාව,විහිලු පිරුනු ලස්සන ෆිල්ම් එකක්.
අපේ දමිළ සහෝදර සහෝදරියො ගොඩක් කැමති වෙයි මෙම චිත්‍රපටියට.

6/10/16


Vaseegara මෙම චිත්‍රපටය විහිලු තියෙන ලස්සනම ලස්සන ආදර කතාවක් එක්ක යන විජේ සහ ස්නේහාගේ සුපිරිම දෙමල චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ කථාව ගැන පොඩ්ඩක් ඔයාලට කියන්නම්.

විජේ (භූපති) යනව රස්සාවක් හොයාගෙන විජේ (භූපති) ගෙ තාත්තගෙ යහලුවාගෙ ගෙදරට. භූපති ගෙ තාත්තා (මනී) ඉතින් මනීගෙ යහලුවාගෙ දුව ට මංගල්ලයක් තීන්දු කරල ඇමෙරිකාවෙන් ආපු මනාලයෙක්ට.

6/7/16


මීට කලින් ආපු Wrong Turn කොටස් ටික ඔයාලා බලල ඇති කියලා හිතනවා. මෙම චිත්‍රපටියේ කථාව ගැන කිව්වොත්. ඩැනී ට පරම්පරාවෙන් ලැබුණු දේපොලක් බලන්න එයාගේ යාළුවො සෙට් එකත් එක්ක පිටත් වෙනවා.

නමුත් හිතන තරම් දේපොලක් නෙමේ. විශාල එකක්, පෞරාණික දේවල් ගොඩක් තියෙනවා. ඩැනී මේ පරණ ගොඩනැගිල්ල හෝටලයක් කරන්න තමයි කල්පනාව. ඝාතකයන් කණ්ඩායමක් මේ අවටම තමයි ඉන්නේ.


මෙම චිත්‍රපටියේ කථාව ගැන කිව්වොත් පාසලක යාළුවෝ 5 දෙනෙක් සති අන්තයෙදී හැලෝවීන් රාත්‍රිය සමරන්න Fairlake කියන පොඩි නගරයට යනවා.

හැබැයි ඒ යන ගමන් හිතපු නැති අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. එයාලගේ වාහනේට එක වයසක මිනිහෙක් හැප්පෙන්න යනවා.

කොහොම කොහොම හරි එතන ලොකු ආරවුලක් යනවා. එතකොට ඒ නගරයේ ෂෙරිෆ් ඇන්ජලා එතනට ඇවිදින් මේ හැමෝවම අත්අඩංගුවට ගන්නවා. හැබැයි බලාගෙන ඉන්න බැරි බිහිසුණු දර්ශන එහෙම ගොඩක් තියෙනවා.


මෙම චිත්‍රපටියේ කථාව ගැන කියනව නම් යාළුවෝ පිරිසක් එයාලගේ ශීත නිවාඩුව ගත කරන්න යනවා.

ඒත් දැඩි හිම කුණාටුවක් නිසා මග වැරදෙන මේ යාළුවෝ පිරිස පරණ රෝහලක් තුලට යනවා කුණාටුවෙන් බේරෙන්න.

මේ අත් ඇරලා දාපු රෝහල මොකක්ද? මෙයාලගේ ඉරණම මේ රෝහල තුලදී විසදෙයිද? Wrong Turn 4 (2011) Sean Skene, Blane Cypurda and Dan Skene වගේ නළු නිළියන් පිරිසක් මෙයට රංගනයෙන් දායක වෙනවා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ඇගයීම් 4.3 ලබාගෙන තියනවා මේ චිත්‍රපටිය හොල්මන් හා ක්‍රියාදාම යටතේ වර්ග කරලා තියනවා.


එක්තරා සිරකදවුරක සිටින භයානක හිරකාරයන් පිරිසක් වෙනත් තැනකට මාරු කරන්න පොලිස් නිලදාරීන් පිරිසකට බාර කරනව.

ඔවුන් මේ සිරකරුවන් වනාන්තරය මැදින් වැටී ඇති පාරකින් අරගෙන යනකොට මුහුණ දෙන්න වෙනව විශාල අණතුරකට.

මේ අණතුර සිදු කරන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක් නම් නෙවෙයි,අණතුරින් බේරෙන මේ පිරිස යනව කැලෑව මැදින්..මෙහිදි ඔවුන්ට දැනගන්න ලැබෙනව ඔවුන්ව ලුහුබැද එන්නෙ භයානක කෙනෙක් බවට.



ඔයාලගේ වටිනා කමෙන්ට් එකත් දා ගෙන යන්න අමතක කරන්න එපා.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews