මිනිසුන් සහ එකිනෙකට වෙනස් අමනුෂ්‍ය ජාතීන් හතරක් අතර ඇතිවන යුධ ගැටුම් සහ ඒ හා සම්බන්ධ සිදුවීම් මූලික කොටගත් පරිගණක ක්‍රීඩාවක් ලෙස එල්වන් ලෙගසි (Elven Legacy) පරිගණක ක්‍රීඩාව හැඳින්විය හැක.
මේ පරිගණක ක්‍රීඩාවේදී එකිනෙකට වෙනස් මනුෂ්‍ය හා අමනුෂ්‍ය ජනවර්ග පහක් අතර එක රාජධානියක් අත්පත් කරගැනීමේ යුද්ධයකට මැදිවීමට සිදුවේ. මෙම යුධ ගැටුම්වලට මූලිකවන භූමි ප්‍රදේශයේ මුල් අයිතිකරුවන් වන්නේ පිසාචයින් ලෙස හැඳින්වෙන එක් අමනුෂ්‍ය කොට්ඨාසයකි.