Showing posts with label Technology. Show all posts
Showing posts with label Technology. Show all posts

7/19/16


ඩිජිටල් කැමරාවක ලැබෙන යූඑස්බී කේබලය මඟින් කැමරාව පරිගණකයට සම්බන්ධ කොට කැමරාවේ මෙමරි චීපය කියවිය හැක. එහෙත් එහි ටේප් එකක් ඇත්නම් එය කියවීමට යූඑස්බී කේබලය ප්‍රමාණවත් නොවේ.


පරිගණකයක් මූලික වශයෙන් පාලනය වන්නේ මෙහෙයුම් පර්ධතිය මඟිනි. මෙහෙයුම් පර්ධතිය මත ක්‍රියාත්මක කළ හැකි අතවශ්‍ය නොවන නමුත් ස්ථාපනය කර තිබුණහොත් එමඟින් මෙහෙයුම් පර්ධතියේ ක්‍රියාකාරිත්වය දියුණු කොට දෙන වැඩසටහන් තිබේ.

6/30/16


ආයුබෝවන් සියලුම මිතුරන්ට අද අපි විසින් BIOS (බයොස්) පිළිබද කෙටි හැඳින්වීමක් කරන්නයි මෙම ලිපිය ඔයාලට දෙන්න හිතුවෙ. මේ ගැන ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.

Basic Input Output System යන වචන වල මුලකුරුවලින් BIOS යන්න සෑදී ඇත.වෙළඳපොලේ ඇති මවුපුවරු හෙවත් මදර්බෝඩ් (MotherBoard) සියල්ල එක සමාන නොවන බව ඔබ දනී. එහෙත් ඒ සෑම මවුපුවරුවක්ම Windows මෙහෙයුම් පර්ධතියක් සමඟ එක සේ ක්‍රියාත්මක වේ.

6/26/16


ප්‍රින්ටර් භාවිතයේදී ඔබට පැණ නගින ගැටළුවක් වන  document print කරන වේගය වැඩි කරගන්නා හැටි ඔයාලට කියල දෙන්නයි අහස් කරේ.ඩොට් මැට්‍රික්ස් මෙන්ම ඉන්ක්ජෙට් යන ප්‍රින්ටර් දෙවර්ගයේම මුද්‍රණයේ ගුණාත්මකබව රඳාපවතින්නේ එහි වේගය මතය.ප්‍රින්ටරය වේගවත් නම් මුද්‍රණයේ ගුණාත්මකබව අඩුය.වේගය අඩු වූ විට ගුණාත්මකබව වැඩිය.

අඩු ගුණාත්මකබවකින් යමක් මුද්‍රණය කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා සැකසුම් කළ විට ප්‍රින්ටරයේ වේගය වැඩි වේ. මෙම සැකසුම් කිරීම සඳහා පරිගණකයේ කන්ට්‍රොල් පැනල් වෙත ගොස් Printers and Faxes වෙත පිවිසෙන්න.

අදාළ ප්‍රින්ටර් එක මත රයිට් ක්ලික් කොට ප්‍රොපටීස් යන්න. එහි  Printing Preferences නම් බටන් එක ක්ලික් කරන්න.එහි සෙටිංස්වලින් ගුණාත්මකබව  වෙනස් කළ විට ප්‍රින්ටරයේ වේගය වෙනස් වේ.    

Analog Technology සහ Digital Technology ඉගෙනගනිමු

Best Recovery software

ඔබලගෙ අදහස් කියන්න කොමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
මිතුරන්ට share කරන්න.  තවත් තාක්ෂණික ලිපියකින් හමුවෙමු. ස්තූතියි.....

6/24/16


මෙය ත්‍රීඩී ස්ටූඩියෝ මැක්ස් මෘදුකාංගය මඟින් පහසුවෙන් කරගත හැකිය.පළමුව Video දර්ශණය ඇඩෝබි ප්‍රීමියර් වැනි මෘදුකාංගයක් භාවිතා කර සංස්කරණය කරගත යුතුය. ඉන්පසු එය 3DMax වැඩසටහන තුළට තනි ඉමේජ් හෙවත් සීක්වන්සස් (Sequences) ලෙස 3DMax පසුබිමට ඉම්පෝට් කරගත යුතුය.

6/23/16


හදිසි විදුලි ඇණහිටීම් වලදී කියවීමේ ලිවීමේ හිස තැටිය මත හදිසියේ නතර වීම මඟින් තැටි සීරීමකට ලක්විය හැකිය.එවිට එම ස්ථාන මත නැවත දත්ත තැන්පත් කළ නොහැකි තත්වයකට පත්වේ. බෑඩ් සෙක්ටර්ස් (Bad Sectors) ලෙස හඳුන්වන මෙවැනි ස්ථාන ඕනෑවට වඩා වැඩි වූ විට ඩිස්කය භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවේ.

ඔබ එදිනෙදා සාමාන්‍ය කටයුතු කරන්නාක් මෙන් බෑඩ් සෙක්ටර්ස් ඉවත් කිරීම කළ නොහැකිය.එහෙත් ඒවා සඟවා තැබීම කල හැක.ඒ සඳහා හාඩ් ඩිස්කය නැවත පාටිෂන් කිරීමේදී සම්පූරණ ඉඩ භාවිතා නොකර තැබීම කළ යුතුය.

6/22/16


කැප්චර් කාඩ් එකක ගුණාත්මකබව (quality) වැඩි වීම යනු ඉන් ලබා ගත හැකි හා හැසිරවිය හැකි වීඩියෝවලින් උපරිම ගුණාත්මක බවක් ලබා දෙන්නේය යන්නයි.එහෙත් මින් අදහස් වන්නේ උපරිම ලෙස වීඩියෝ හැසිරවිය හැකි කැප්චර් කාඩ් එකක් ලබා ගත් පමණින් එහි ප්‍රයෝජන එලෙසම ලබා ගත හැකිය යන්න නොවේ.

6/16/16


ඔබේ පරිගණයකට හාඩ් ඩික්ස් එකක් සවි කළ විට එය ක්‍රියාත්මක වීමේදී IDE (Integrated Drive Electronics) ද SATA (Serial Advanced Technology Attachment) ද යන වග ප්‍රශ්නයක් නොවේ.ඒ නිසා  IDE හා SATA ඒ යන දෙවර්ගයම  සම්බන්ධ කළ හැකි පරිගණයකින් එකකින් අනෙකට දත්ත ලබා ගත හැක.

නැත්තම් ඒවා වෙන වෙනම  පරිගණයක දෙකකට සම්බන්ධ කොට ,නෙට්වර්ක් එකක් හරහා හෝ  පෙන් ඩ්‍රයිව් එකක් ආධාරයෙන් දත්ත හුවමාරු කොට ගත හැක.

6/15/16


ඔබගේ පරිගණකයේ ඇති ඒජීපී වර්ගයේ වීජීඒ කාඩ්වල තුඩු හෙවත් පින් (pin) පිහිටුවා ඇත්තේ සියුම් ලෙසය. මෙම නිසා වීජීඒ කාඩ් එක යම් තරමකින් හෝ ඇලව පිහිටුවීමෙන් බොහෝ විට මෙවැනි දෝෂ හට ගනී.එසේම ඒජීපී ස්ලොට් එක තුළ දූවිලි බැඳීමෙන්ද මෙවැනි දෝෂ හට ගනී.

6/14/16


 ඔබ අන්තර්ජාය හරහා පිවිසෙන වෙබ් අඩවි වල විශේෂිත දත්ත වර්ග වෙබ් අඩවි වෙත පිවිසෙන්නාගේ අවසරයකින් තොරව ටෙක්ස්ට් ෆයිල් ආකාරයට පරිගණකයේ තැන්පත් වෙයි.

මේවා කුකීස් ෆයිල් ලෙස හැඳින්වෙයි.එක් වරක් පිවිස ඇති වෙබ් පිටුවක් වෙත නැවත වරක් එම වෙබ් පිටුවට පිවිසෙන විට එම පිවිසීම වේගවත් කිරීමට කුකීස් යොදා ගැනෙයි.

6/13/16


ඔයාලගෙ FaceBook ගිණුමේ ඇති සමහර Video බාගන්න බැරි බව දන්නවා ඇති.ඔයාලට ලේසියෙන්ම downvids.net වෙබ් සේවාව වෙත පිවිස එම Video ඩවුන්ලෝඩ් කරගන්නට පුලුවන්.එහිදී ඔබ මුලින්ම ෆේස්බුක් හරහා වීඩියෝව ධාවනය කරන්න. 

6/9/16


Pc Game නිර්මාණය සඳහා C++,Visual C++,Pascal වැනි ක්‍රමලේඛ භාෂා යොදා ගනී. මෙම ක්‍රමලේඛ භාෂා ගැන දැනුම මෙන්ම පරිගණක වල භාවිතා වන නොයෙක් තාක්ෂණික යෙදුම් ඉතා හොඳ දැනුමක් පරිගණක ක්‍රීඩා නිර්මාණය සඳහා තිබිය යුතුය.

වාණිජ පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන්නේ තනි පුද්ගලයෙකු විසින් නොව.විවිධ කේෂේත්‍ර ගැන මනා දැනුමක් තියෙන විශේෂඥයින් සම්බන්ධ කරගෙන සම්පූරණ ක්‍රීඩාව නිර්මාණය කරයි.


මේ සඳහා USB Port සහිත පීසීඅයි (PCI - Peripheral Component Interconnect) කාඩ් යොදන්නට අවශ්‍යයි.

මෙවැනි කාඩ් එකක් සවි කොට නිවරදිව ඉන්ස්ටෝල් කර ගැනීමෙන් අවශ්‍ය තරමට USB Port ගණන වැඩි කරගන්නට පුලුවනි.




මේ සඳහා Slide Show එක විශේෂයෙන් සේව් කරන්නට අවශ්‍යයි.ෆයිල් මෙනුවෙන් Save As වෙත ගොස් ,Save As Type ස්ථානයේ Power Point Show (*.pps) ආකාරය සිලෙක්ට් කොට සේව් කරගත යුතුය.

6/6/16


ආයුබෝවන් සැමට අපි කතා කරමු ඇනලොග් තාක්ෂණය හා ඩිජිටල් තාක්ෂණය ගැන ඉලෙක්ට්‍රෝනික උපකරණ වලදී භාවිතා කරන සංඥා වර්ග දෙකකි. ඇනලොග් තාක්ෂණය හා ඩිජිටල් තාක්ෂණය යනු මේවායි.

පරණ ඉලෙක්ට්‍රෝනික උපකරණ වලදී ඇනලොග් තාක්ෂණය භාවිතා වුණි. වර්තමානයේදී භාවිතයට ගනු ලබන්නේ ඩිජිටල් තාක්ෂණයි . ඩිජිටල් සංඥා වශයෙන් වැඩසටහන් සම්ප්‍රේෂණය කළ විට ඒවා ග්‍රහණය කරගන්න පුලුවන් මාදිලියේ රූපවාහිනී යන්ත්‍ර ඩිජිටල් ටීවී කියල හදුන්වනවා.

6/1/16


බ්ලූටූත් Bluetooth මෙම තාක්ෂණය භාවිතයෙන් අඩි 100 ක වටපිටාවක වයර්ලස් ක්‍රමයට තොරතුරු හුවමාරු කරන්නට පුලුවන්. මේ තාක්ෂණයේ ඇති විශේෂත්වය වන්නේ එකම වේලාවකදී වුවත් ඉලෙක්ට්‍රෝනික් උපාංග අටක් අතරම එකිනෙකාට කිසිම පැටලිල්ලක් නැතිව කටහඩ සහ දත්ත හුවමාරු කරන්නට පුලුවන් වීමයි.

බ්ලූටූත් තාක්ෂණයෙන් එකිනෙක හා සම්බන්ධ කෙරෙන උපාංග අධෝරක්ත කිරණ (IR rays) යොදාගන්නා උපකරණ වලදී මෙන් එකිනෙකට හරි කෙලින් පිහිටන්නට වුවමනා නැත. කොපමණ දත්ත ප්‍රමාණයක් වරකට සම්ප්‍රේෂණය කරනවාද යන්න.

උදාහරණයක් ලෙස serial port එක මගින් සම්බන්ධ වෙනවා නම් වරකට 1bit. Parallel port මගින් සම්බන්ධ වෙනවා නම් වරකට bit කිහිපයක්. Protocol, එහෙමත් නැතිනම්, මේ සම්ප්‍රේෂණය කරන signal වලින් අදහස් කරන්නේ මොකක්ද කියන එක. මෙහෙම එකඟතාවයක් ඇති වුනේ නැතිනම් පණිවුඩය යවන්නා අදහස් කරන දේ නෙමෙයි පණිවුඩය ලබන්නා ග්‍රහණය කරගන්නේ.


ආයුබෝවන් සැමට අද අපි විසින් කියා දෙන දේ ගැන ගොඩක් දෙනෙක් දන්නවා ඇති Windows 7  සදහා අලුතින් එක්වෙන සමාජිකයන්ට දැනගන්නට Windows 7 මෙහෙයුම් පද්ධතියේ සිංහල භාවිතා කරන විදිය දැනගමු.

පළමුවෙන්ම ඔයාල Control Panel වෙත යන්න. එහි Clock ,Language and Region යටතේ ඇති Change Keyboard or other input methods නම් ලින්ක් එක මත ක්ලික් කරන්න.  එවිට මතු ‍වෙන Region and Language නම් වින්ඩෝවේ Change Keyboard නම් බටන් එක ක්ලික් කරන්න.

5/22/16


 Ram හා Video Ram වේගයෙන් තොරතුරු සම්ප්‍රේෂණය කරන නමුත් Flash Drive හෝ වෙනත් ඩික්ස් driver එවැනි වේගයකින් තොරතුරු සම්ප්‍රේෂණය කරන්නේ නැත ඒ නිසා රැම් හා Video Ram මසග වෙනත් ඩික්ස් එකක් සම්බන්ධ කළ නොහැක .එහෙත් වර්චුවල් මතකය වැඩි කර ගැනීමට ඕනෑම ඩික්ස් driver එකක් භාවිතා කළ හැක.

5/14/16


windows xp රෙෆෙයාර් කරන්න බැරිද? format කරන්න කියනවද? මෙන්න ඒකට සාර්ථක විසදුම .

පළමුවෙන්ම xp boot කර ලෝඩ් උනායින් පසු C ඩ්‍රයිව් එක ඉන්ස්ටෝල් කරන්න. ඉන්පසු C බටන් එක ඔබන්න.

ඊළගට ඔබට විසදුම් 3ක් එයි format කරන්න කියල විසදුම් 2කුත් තිබුනු විධියටම xp ස්ථාපනය කරන්න කියල 3 වෙනි විසදුමේ කියල ඇති එහි 3 වෙනි විසදුම තෝරා Enter කරන්න.

ඉන්පසු නැවතත් C ෆෝල්ඩර් එක තෝරන්න. දැන් ඔබට windows කියල Type වෙලා තිබෙන පෙනෙන්නට ඇති එම වචනය Delete කර ඔබට කැමති නමක් දෙන්න ඉන්පසු windows xp ඉන්ස්ටෝල් වේ .

2/16/16



මෙම දෝෂ පණිවිඩය බොහෝ දුරට එන්නේ පරිගණකයේ මෙහෙයුම් පර්ධතික රෙපෙයාර් කිරීමෙන් හෝ නැවත මෙහෙයුම් පර්ධතික අලුතින් ස්ථාපනය කිරීමෙන් පසුවය.හාඩ් ඩික්ස් එකේ වෙනත් පාටිෂන් වල තිබෙන තොරතුරු නැවත Open කිරීමට ඉඩ දෙන්නේ නැත.චිත්‍රපටි,ගීත,ඩොකියුමන්ස්,මෘදුකාංග වැනි සියලු තොරතුරු Open කිරීමට නොහැකිය.අන්තර්ජාලයෙන් බාගත්ත Movie ටික වැඩ කරන්නෙ නැති උනොත් මොන වගෙ හැගීමක් එනවද කියල අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.ඔන්න ඒකට සාර්ථක විසදුමක් හොයා ගත්තා සමහර අය දැනටමත් මෙම ක්‍රමය දන්නවත් ඇති.

                                                       Access is denied
                      D:\folder\windows\Desktop is not accessible


ඒත් බොහෝ සහෝදර සහෝදරියො මෙම විසදුම දන්නේ නැත.ඒකට ඔයාල ළග තියෙන Ubuntu CD එකෙන් මෙම දෝෂ පණිවිඩය නිරාකරණය කරගැනීමට පුලුවන්.ඉතා සරල ක්‍රමයයි තියෙන්නෙ ඔබේ  Ubuntu CD එක පරිගණකයේ Boot කරන්න. Ubuntu සම්පූරණයෙන් ස්ථාපනය කරන්න යන්න එපා.  Try පමණක් කරන්න.ඉන්පසු එම පාට්ෂන් එකේ තිබෙන සියල් තොරතුරු ඔබ Format කරපු පාටිෂන් එකට Cut කර පේස්ට් කරන්න.සමහර විට ඔබට මෙම සිද්ධිය දෙවරක් හෝ තුන්වරක් කිරීමට පුලුවන.මොකද අනෙක් පාටිෂන් වල තිබෙන තොරතුරු ධාර්තාවෙන් වැඩියිනෙ.

සමහර යහලුවන් ලග Ubuntu CD නැතිවෙන්න පුලුවන් එවිට ඔබ කල යුත්තේ ඔබ‍ගේ දන්නා අදුරන කෙනෙක්ගෙන් හෝ වෙළද පලෙන් මිලදී ගැනීමයි.මම හිතනවා මෙම ලිපිය ඔයාලට ගොඩක් වැදගත් වේවි කියා.ඉතින් ඔයාලගෙ මෙම ප්‍රශ්ණය විසදෙන්න ඇති කියා මම හිතනවා.ඒ වගේම අපිට සහයෝගයක් විදියට Comment එකක් දාල යන්න.Facebook එකෙත් Like කරන්න. ඔබට ජය

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews